දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු ඉවැන්ජලිකල් කල්ලිවලට තවදුරටත් යටත් විය නොහැකි බවත් ඔවුන් වපුරන අන්තවාදය හොඳින් හෝ නරකින් කඩිනමින් ඉවත් කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

මේ වනවිට ආණ්ඩු ඇතුළේ තවත් ආණ්ඩුද නීතිය ඇතුළේ තවත් නීති ද ඇති බවත් මෙම තත්ත්වය වෙනස් කිරීමට රටේ ජනතාව එළැඹෙන මාසයේ කටයුතු කරනු ඇති බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ  (23 වැනිදා) එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ.

අද මෙම සමුළුවට එක්වී ඇති මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් වන මානික් කරුණාරත්න මහතා මෙහි පැමිණ තිබෙන්නේ ඒ මහත්මයාගේ මාපියන් අභාවප‍්‍රාප්තවී ඇති අවස්ථාවකදීයි. එතුමා එතරම්  කැපකිරීමක් කර තමයි පැමිණියේ. මුලතිව් හි සිදුවන ඇත්ත තත්ත්වය රටට කියන්න.

ඇත්තෙන්ම උතුරේ පොලිසිය කටයුතු කරන ආකාරය ඔවුන්ගේ බැරිබැරියාව දුටුවිට පෙනෙන්නේ උතුරේ තිබෙන්නේ වෙනම රාජ්‍යයක් බවයි. නීතියට ඕනෑවට වඩා හිස නමන්න බැහැ. ඊට වඩා හොඳයි මුහුදේ පැනලා සිය දිවි නසා ගන්න එක.

හිර ගෙදර ගිය අපිට ආපහු හිරේ යන එක මහ වැඩක් නෙවෙයි. නීතිය කරන අයට අපි කියන්නේ සිදුවීම හරියට බලලා කටයුතු කරන්න කියලයි. මේ ගුරුකන්දේ සිදුවීමේ නිමිත්තම වරදක්. හරිනම් මේ සිදුවීමට අගමැති ප‍්‍රමුඛ රජය මහා සංඝරත්නයෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.

මේ වනවිට බෙදුම්වාදයට උතුර යටපත් වෙලා ඉවරයි. අපි වගකිවයුතු අයගෙන් ඉල්ලන්නේ බෙදුම්වාදය ලප්තැනම ලොප් කරන ලෙසයි දැන් ටී. එන්. ඒ. වෙනම කොන්දේසි දැම්මත් ඔවුන් ඇත්තටම උතුරේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යනවා.

සුමන්තිරන්ට මෙහේ ඇවිත් සෙට් දාගෙන උසාවි ගානේ යන්න පුළුවන්. සම්බන්දන්ට කොළඹ ඇවිත් සේරම කරගෙන යන්න පුළුවන්. ඔවුන් අනුරාධපුරය පැන්න ගමන් අපිට දාන ‘පූස්’ පාට් මොනවද, මේවට ඉඩ දෙන්න පුළුවන්ද. ඇත්තටම මේ අන්තවාදීන් අපිට මොක්කුද?

සුමන්තිරන් පාස්ටර්වරයෙක්. මේ ඉවන්ලිජලිකල් කල්ලිවලට යටවෙන්න අපිට බැහැ. අපි දෙකින් එකක් හොඳින් හෝ නරකින් විසඳාගන්න ඕනෑ. තව මාසයකින් ඒ දෙයට මේ රටේ මිනිස්සු ලෑස්තියි. මොන ආණ්ඩුව ආවත් අපි ජනාධිපතිවරණයෙන් පසු මුලතිව් ගොස් පදිංචි වෙනවා. පොලිසියෙන් ගැලෙව්ව සී. සී. ටී. වී. කැමරා අපි සවි කරනවා. දැන් ඒ දේ නොකරන්නේ ජනාධිපතිවරණයක් තිබියදී අනවශ්‍ය ප‍්‍රශ්න නිර්මාණය කරන්න ඕන නැති නිසයි.

අපිට තිබෙන්නේ වසර 2500 ටත් එහා ලිඛිත ඉතිහාසයක්. ක‍්‍රිස්ත‍්‍රියානි ඉස්ලාම් ආගම් බිහිවෙන්න කලින් තමයි අපි බුදු දහම වැළඳගත්තේ.

ගරුකන්ද අපේ මේධාලංකාරතිස්ස නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ ප‍්‍රශ්නය එහි සිටින දමිළ මිනිසුන්ගේ ප‍්‍රශ්නයක් නොවෙයි. මෙය ටී. එන්. ඒ. අන්තවාදී නඩය දෙමළ ඡුන්ද ලබාගන්න ඇති කළ ඇවිස්සීමක්. ඔවුන් මේ හදන්නේ ගුරුකන්ද විහාරය හා එහි සිටින සිංහල පවුල් වැලිඔය ජනකපුර දක්වා තල්ලූ කිරීමටයි. දෙමළ නිජබිම් මිත්‍යාව මේ තුළින් වැපිරීමට අපි ඉඩදෙන්නේ නැහැ.

මෙහිදී අදහස් දැක්වූ මුලතිව් ගුරුකන්ද විහාරස්ථාන දායක සභාවේ ලේකම් හිටපු බැංකු නිලධාරී මානික් කරුණාරත්න මහතා මෙසේද කීය.

ගුරුකන්ද පුරාණ විහාරය වසර 2000 ක ඉතිහාසයක් ඇති විහාරයක්. බුද්ධ වර්ෂ 244 දී තමයි මේ විහාරය මෙතන නම් කර තිබෙන්නේ. දන්ත ධාතූන් වහන්සේ පළමු වරට වැඩම කළ ස්ථානය ලෙස මෙම විහාරස්ථානය හැඳින්වෙනවා. මෙතනට ‘නකනගල’ නැතහොත් ‘මුලදීප’ යන නම කියනවා. මුලදීප කියන්නේ මුලතිව් නමයි. නකනගලට පාලි භාෂාවෙන් කියන්නෙ නාන්ඔරු කියලයි. එය නයාරු බවට දැන් පරිවර්තනය වෙලා.

මෙය ලංකාතොට ලෙස ද කියනවා. පන්සල ඇති මුලතිව් මුහුදේ කිලෝමීටර් 2 ක් පමණ දිග මීටර් 25 ක් ගැඹුරු කෙළින් කපපු ගලක තාප්පයක් වගේ වරායක බැම්මක් තිබෙනවා. මෙතන තොටුපලක් තිබී තියෙනවා. දන්තු ධාතුන් වහන්සේ හොර රහසේ වැඩම කළේ මෙතැනට බව සඳහන්.

මෙතනින් ගොඩබට ධාතුන් වහන්සේ මඩුකන්ද විහාරයටයි වැඩමවා තිබෙන්නේ. ගුරුකන්ද පුරාණ විහාරය ලිඛිත සාක්ෂි බොහොමයි. 1832 සිලෝන් මැප් හි රෙඞ් හිල් කියා සඳහන් වෙනවා. දුඹුරු පසකින් යුතු නිසා මෙය රතුකන්ද වෙලා තිබෙනවා. මේ වගේ ලිඛිත සාක්ෂි බොහෝමයි. ඒ නිසා කිසිවෙකුට මෙහි ඉතිහාසයට අභියෝග කරන්න බැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More