දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මේ දිනවල උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී පැවැත්වූ ජනහමු කිහිපයකදීය.

එහිදී ඩග්ලස් දේවානන්ද මහතා මන්නාරම තාල්පාඩු ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලදී පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් දෙමළ පක්ෂ පහක් එක්ව ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කොට ඇති යෝජනා 13ට මේ වන තුරුත් කිසිදු අපේක්ෂකයෙකු සහාය පළ කොට නොමැති අතරම එම යෝජනා දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් නොව එම පක්ෂවල හා නායකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා බවට පෙනී යන බවටයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් දිගු කාලයක් කටයුතු කළ ඇති අතරම එතුමන්ගේ රජය යටතේ දෙමළ ජනතාවට විශාල මෙහෙයක් තමන්ට සිදු කිරීමට හැකි වූ බැවින් මෙවර ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ වගකීමක් බවටද ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More