දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම අපහසුතාවයට ලක් කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් වලට හා ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් විනාඩි 45ක පමණ වෙලාවක් කළ කතාවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් විය.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයත් ඔවුන්ගේ සහය මත නැගෙනහිරින් ලබා ගත් ජන්ද පිළිබඳවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ට කළ බලපෑම් පිළිබඳවත් ලන්සා මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කරන ලදී. එම කරුණ ඔහු දෙමළ බසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහරාන් සහ ඔහුගේ සොහොයුරා යන ත්‍රස්තවාදීන් දෙදෙනා සමඟ පැවැත්වූ සබඳතාවයන් මත පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලීමට කථානායකවරයා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට රවුෆ් හකීම් මහතාට සදාචාරාත්මක අයිතියක් නැති බවද ලන්සා මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙන ලදී.

ලන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයට එක්වෙමිණි.

ත්‍රස්තවාදියා ගේ පක්ෂය ජාතිය කුමක් උවාත් ඔහු නිතිය හමුවට ගෙන ආ යුතුයි.mp4

ත්‍රස්තවාදියා ගේ පක්ෂය ජාතිය කුමක් උවාත් ඔහු නිතිය හමුවට ගෙන ආ යුතුයි.mp4

Gepostet von Nimal Lanza am Mittwoch, 23. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More