දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඊට එකඟ නොවන බව සඳහන් කර ඇති බව බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

ඒ අනුව ඉදිරිපත් කර තිබෙන එම යෝජනා මාලාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව ශිවාජිලිංගම් මහතා පෙන්වාදෙයි.

අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් කුමන අදහසක් දක්වයි ද යන්න පිළිබඳ නොදන්නා නමුත්, තමන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් පමණක් බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ශිවාජිලිංගම් මහතා සඳහන් කලේ ඉලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ, ප්ලොට් යන පක්ෂ සමඟ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරුන්ගේ පක්ෂ ද එම යෝජනාවලියට සහය දක්වා තිබෙන බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරණයේ දී සිය සන්ධානයේ සහය ලබාදෙන පාර්ශවය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවක නිරත වී ඇත.
එම තීරණය ලබන සතියේ ප්‍රකාශ කරන බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More