දේශීය පුවත්

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයෙන් ඉවත්ව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට දරන උත්සාහයට වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.

වත්මන් ආණ්ඩුකාරවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉවත්වීමේ අදහසක් නොමැති බවයි.

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුකාර ධුරය ලබාදිය යුතු බවයි. මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත්වීමේ පුරප්පාඩුවට රජයේ ඉහළ පෙළේ ප්‍රබලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සැලසුම් කර තිබේ. එම දිවුරුම් දීම නොවැම්බර් මාසය තුළ සිදුවන බවත් ඔහු කථානායක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අදහසින් ප්‍රචාරක ව්‍යාපෘතියක්ද දියත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More