දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.
අද පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අදාළ සාකච්ඡාව පස්වරු 4.30 පමණ දක්වා පැවැති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි .
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, එස්. සිව මෝහන් හා එස්. යෝගේෂ්වරන් යන මහත්වරුන් පිරිසක් මීට එක්ව තිබේ.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ කළ විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරණයේදී සිය සන්ධානයේ සහය කවුරුන් වෙත ලබා දෙන්නේ දැයි මෙහිදී සාකච්ඡා කළ බව ය.
එම තීරණය ලබන සතියේ ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...