දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ ජය තහවුරු කිරිම සදහා කැපවී කටයුතු කරන බව පක්ෂ මාධ්‍ය ලේකම් මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ලක්ෂ පනහක් තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ඡන්ද ලක්ෂ 17ක ප්‍රමාණය ඒසදහා එකතු කිරීමේ වැඩපිළිවල මේ වන විට දියත් කර ඇති බවත් ඔහු පවසා සිටියේය.

ඊයේ (23) නාවල පාර, රාජගිරියේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වීරකුමාර මහතා අවධාරණයකර සිටියේ ඡන්ද ලක්ෂ හැට හතක් අතතිව මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වන එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් කොට්ඨාස මට්ටමින් රැස්වීම් 5024ක්ද, ග්‍රාමසේවා වසම් මට්ටමින් රැස්වීම් 14021ක්ද, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, ගුරු විදුහල්පති වැනි අනුබද්ධ සංවිධාන රැස්වීම් 1600ක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More