රටට අවශ්‍ය ඒකාධිපති මිලිටරි ආණ්ඩුවක් ද නැති නම් පූර්ණ නිදහස ඇති සිවිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ද කියා ලබන 16 වැනිදාට තීරණය වන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
ඒ මහතා ඒ බව කියා සිටියේ ඊයේ (22 දා) පදනම් ආයනනයේදී පැවති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ සංවිධානය විසින් පවත්වනු ලැබූ විශේෂ හමුවකදීය.
‘දිනූ නිදහස රැුකගනිමු ඒකාධිපතීත්වයට වැට බඳිමු’ මැයෙන් මෙම හමුව සංවිධානය කර තිබිණි.
තම දේශපාලන දිවිය තුළ කිසිම මාධ්‍යවේදියකුට බැණ වැදීම, හිංසාකිරීම, සිදුකර නොමැති බවත් තමාට එල්ල වූ විවේචන සියල්ල ධනාත්මකව භාරගෙන තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
තමන් ජනාධිපති වූ පසුව ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය සම්බන්ධයෙන් පුහුණු මධ්‍යස්ථානයක් ද නිවාස, ඉඩම් ආදී සමාජ අවශ්‍යතා ද ඉටුකරන බව සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...