දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවටත් සිත් තැවුලටත් පත්ව ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරක් ලබා නොදුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස මහතාට ද ලිපියක් යැවූ බව හෙතෙම කීවේය.‍

කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනානායක මහතා ඒ බව කීය.

සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් පසුපසට තල්ලු වී ඇති බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.

ඊට අමතරව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ ද? රවී කරුණානායක මහතා යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් හෝ ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද? සජිත් ප්‍රේමදාස මහතා යටතේ රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේ ද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කොටස් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන මොහොතක රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද? යන ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක මහතා කීවේය.

ජනාධිපති ධුරයට පත්වූ පසුව පෙර සිටි දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප්‍රශ්නයට ද සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.

තමාගේ ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා සතුටුදායක පිළිතුරක් ලබා දුනහොත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බවට දන්වමින් යැවූ ලිපිය ඉල්ලා අස් කරගන්නා බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දෙන බවත් සේනානායක මහතා වැඩිදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More