දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ගෝඨා බියක් ගැන කතා කළත් නොවැම්බර් 16 වැනි දිනෙන් පසු බොහෝ පිරිසකට සතුටින් ජීවත් වීමට අවස්ථාව උදාවන බවත්, මෙරටට නිදහස උරුම කරදුන් නායකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් හෙතෙම පවසා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, සංවිධානාත්මක අපරාධකරුවන්ට, කැලෑ පාලුවන්ට, මහජන දේපොළ විනාශ කරන කිසිවෙකුටත් එම ජාවාරම් සිදුකිරීමට ඉඩක් නොලැබෙන බව අද (23) නාවල පාර, රාජගිරියේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More