ව්‍යාපාරික පුවත්

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබේ. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත කිරීමට අනුවය.

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණි. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ද ලොව හොඳම සංචාරක ගමනාන්නතය යන නාමය තවදුරටත් පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක්. එහෙත්, එම ආයතනය විසින් 2020 වසර වෙනුවෙන් නම් කර ඇති ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවට මෙවර ශ‍්‍රී ලංකාව ඇතුළත් කර නැත.

ඒ වෙනුවට 2020 වසරේ ලොව හොඳම සංචාරක ගමන්නාන්තය ලෙස නම් කර ඇත්තේ භූතානයයි. එහි දෙවන හා තෙවන ස්ථානය පිළිවෙළින් එංගලන්තයට සහ උතුරු මැසිඩෝනියාවට හිමිව  තිබේ.

2020 වසෙර්දී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් ලැයිස්තුවේ පසුවන රටවල් 10 අතරින් එකකට හෝ පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව නැත. ලෝන්ලි ප්ලැනට් යනු ලොව ජනපි‍්‍රයතම සංචාරක මගපෙන්වීමේ ප‍්‍රකාශනය ද වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More