දේශීය පුවත්

එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිටපු ජනාධිපතිවරයෙකු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අල්ලා ගැනීමේ සටනක නිරතව සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

මුලින් වෙනම පක්ෂයක් පිහිටුවීමේ අරමුණක හිටපු ජනපතිනිය සිටියද දැන් එම අදහස ඉවත් කොට එළඹෙන නොවැම්බර් 16 වෙනිදායින් පසු පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති ධූර කාලයද අවසන් වන බැවින් ඉන්පසු පක්ෂයේ බලය ඇල්ලීමට කුමාරතුංග මහත්මිය කටයුතු කරමින් සිටී.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයට කුමාර වෙල්ගම මහතාද ඉදිරිපත් වීමට නියමිත අතර මේ වන විට ඔහු චන්ද්‍රිකා ශ්‍රීලනිප නායකයා කළ යුතු බවට මතයක්ද ගොඩ නගමින් සිටියි.

කුමාරතුංග මහත්මියගේ ශ්‍රීලනිප නායකත්වය යටතේ පක්ෂයේ මහ ලේකම් ධූරය කුමාර වෙල්ගම මහතාට ලබා දීමට එකඟතාවයක් පළ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More