දේශීය පුවත්

ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරින් 10 දෙනෙකු පලාලි ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම සඳහා පැමිණියේ FistAir ගුවන්යානයෙනි. ඒ සඳහා රුපියල් ලක්ෂ 60 ට අධික මුදලක් වැය කර ඇති බව සැල වේ.

මෙම සාරම්භක උත්සවය සඳහා සහභාගීවුවන් මෙම උත්සවයට හෝ එහි විෂය සම්බන්ධයෙන් කොතරම් දුරට අදාලදැයි එහි සේවකයෝ ප්‍රශ්න කරති. ඉන් තිදෙනෙක් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන අතර ඉන් එක් අධ්‍යක්ෂවරයෙක් මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබ භාරව සිටි අංශයෙන් වෙනත් අංශයකට මාරු කරනු ලැබුවෙක් වන අතර එක් අයෙක් මෙම උත්සවයට කිසිම සම්බන්ධයක් නැති තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වන අතර හේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීපතමයෙකු වෙයි. ඔහු අඩු සුදුසුකම් හා පළපුරුද්ද ඇතිව බඳවාගත් අයෙකි. අනෙක් කාන්තාවද එලෙස යහපාලන ආණ්ඩුව මගින් බඳවා ගන්නා ලද අඩු සුදුසුකම් ඇති අයෙකු වන අතර අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනිකුත් සේවකයින් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් දෙනු ලබන්නේ ඇය බවද එහි සේවකයෝ පවසති.

එමෙන්ම මේ දෙදෙනා හවස 4න් පසුව රැස් වී සාකච්ඡා පවත්වන බවත් ආයතනයේ සේවකයින් මර්ධනයට තීන්දු තීරණ ගන්නේ එහිදි බවත් ආයතනය තුල රහසක් නොවන බවද ඔවුන් පවසයි. අනික් නිලධාරිනිය තාවකාලිකව සේවය කරන මාධ්‍ය උපදේශිකා නමින් හඳුන්වා ගන්නා තැනැත්තයකි. ඇයද විශාල වැටුපක් ලබා ගන්නියකි.

තවද මෙම උත්සවයට සහභාගි වු එක් තැනැත්තෙක් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙකු වන අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතාට නෑකම් කියන බැවින් මේතාක් කල් යහපාලනයට කත් අදිමින් සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුව පෙරලෙන බව දැන තම තනතුර තවදුරටත් රැකගැනීම සඳහා රාජපක්ෂ මහතාගේ පවුලේ නෑයෙකු වන ඉහත කී අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයාට සැනසිලි තෑගි හා බොහෝ සෙයින් සංග්‍රහ කරමින් සිටිනා බවද වාර්තා වේ.

මෙකී අධ්‍යක්ෂ ජනරාල්වරයා පහුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දුන් පසුවද නැවතත් රනිල් වික්‍රමසිංහ එක් දවසක් හෝ බලයට පැමිණෙනකම් තමා බලාගෙන සිටිනා බව ප්‍රසිද්ධියේ පැවසුවෙකි. තවත් පුද්ගලයෙකු වන්නේ ගුවන් තොටපල ටැක්ෂි සංගමයේ සභාපතියි. මෙම උත්සවය සඳහා යම් අදාල කෙනෙක් වේ නම් ඒ ඔහු පමණක් වේ. එහෙත් ඔහු තෝරා ගැනෙනුයේ එකී සම්බන්ධය නිසා නොව ටුක් ටුක් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වු ටෙන්ඩරය ලබාදුන්නේ අධික මුදලකට වන අතර ඒ මොහුටය. එයද අධ්‍යක්ෂ ජනරාලවරයාගේ හිතවත්කම් මතය.

පලාලි ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවය සඳහා සංචාරක සංවර්ධන අ‍ධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තෝරා ගැනීමට සිටි නිලධාරීන් වුයේ මොවුන් වන අතර ඒ සියල්ල ඔහුගේ හිතවත්කම් හා ඔහුගේ ඉදිරිපැවැත්මට අවශ්‍ය කරන්නා වු අයය. කෙසේ හෝ දහදෙනෙකු යා හැකි වාහනා ඕනාවටවත් වඩා අධිකාරියේ තිබියදී රටේ ජනතා මුදල් මෙසේ තම හිතවතුන්ගේ වින්දනය සඳහා වැය කිරීම ජාතික අපරාධයකි. එසේම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටි ඇති මොහොතක සමහර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබු ව්‍යාපෘතිද මුදල් නැතැයි නවතා දැමු බවද කියවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More