දේශීය පුවත්

මෙරට හමුදාව විසින් සිදු කළා යැයි කියන යුද අපරාධ සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, එසේ නොමැති නම් ඔවුන්ට ජාත්‍යන්තර යුද අධිකරණයට යාමට සිදුවනු ඇති බවටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් කළ ප්‍රකාශය අතිශය භයානක වූවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (22 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

‘‘වෙනත් රටවල නායකයන් මේ වගේ අවස්ථාවකදී රට වෙනුවෙන් කතා කරනවා. බටහිර ගැති මංගල සමරවීර මේ වගේ දේශද්‍රෝහී ප්‍රකාශයක් කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔහු මේ දේ කරන්නේ රනිල් ඇතුළු පක්ෂයේ අනෙකුත් අයගේ අනුමැතිය මත. මේ රටේ යුද අපරාධ සිදු නොවුණු බව වාර්තා මගින් ඔප්පු වෙලා ඉවරයි. යුද අපරාධ කියන්නෙම වැරදි වචන භාවිතයක්. මේ රටේ යුද්ධයක් තිබුණේ නෑ. ත්‍රස්තවාදී කණ්ඩායමක් මර්දනය කිරීම සිදු කළේ. ඒ නිසා පැහැදිලිවම මංගල කියන විදිහේ පරීක්ෂණයක් අවශ්‍යය වෙන්නේ නෑ.

ඒ වගේම මම මහින්ද රාජපක්ෂටත්, ගෝඨාභය රාජපක්ෂටත් කියනවා බටහිර, බෙදුම්වාදීන් පිනවීම සඳහා මේ රටේ පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය නැති බව වේදිකාවේදී කියන්න කියලා. ඒක තමයි හමුදාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More