දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකළ යුතු බවට එම සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ප්‍රකාශ කිරීමට විරෝධය පළකරමින් ටෙලෝ හා ප්ලොට් සංවිධාන, ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සන්ධානගත පක්ෂ ලෙස කටයුතු කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා ඊ.පී.එල්.ආර්.එෆ්. සංවිධානය පසුගිය කාලයේදී එම සන්ධානයෙන් ඉවත්වීමට කටයුතු කර ඇත. ප්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්ථන් ධර්මලිංගම් ප්‍රකාශ කළේ ද්‍රවිඩ ජාතික සන්ධානය පසුගිය කාලය තුළම සිදුකළේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටලු කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවයි.

සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ආර්. සම්බන්ධන් හා සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින බවද පැවැසූ ඔහු, එම තත්ත්වය යටතේ තවදුරටත් ප්ලොට් හා ටෙලෝ සංවිධානවලට ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ සන්ධානගතව සිටිය නොහැකි බවද ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More