දේශීය පුවත්

භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට නතර කළ නොහැකි බව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ, අද(22) කොළඹ පැවති සඟ සමුළුවකට එක්වෙමින්.

සමස්ත ලංකා ශාසන බල මණ්ඩලයේ විශේෂ සඟ සමුළුවක් කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගහනන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත් විය.

එය සංවිධාන කෙරුණේ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් විසින්.

මෙහිදී අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ අද ඇත්තේ තීරණාත්මක සටනක් බවයි.

මෙහිදී වැඩිදුර‍ටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, මෙය ගල උඩ සටනක් බවත්, ඒ නිසා හෙට දවසේ ඉතිරිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම පමණක් බවත්ය.

TNA යෝජනා ගෙන එන විට එක් අයෙක් බෑ කියු නමුත් අනෙක් කෙනා බෑ නොකියා හා නොකියා ඉන්නා බවත් පැවසු ධම්මරතන හිමි එකේ තේරුම හා යනුවෙන් පැවසීය.

මෙහි දී අදහස් දැක්වු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසා සිටියේ, භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය
ඡන්ද කොමසාරිස්ට නැති කළ නොහැකි බවයි.

ඒක භික්ෂුවකගේ ‍භුමිකාව වන බවත් දන් වළඳා ජීවත්වනවාට වැඩිය සටන් කරලා සිරගත වීම සුදුසු යැයි ද මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

දන් වළඳා ජීවත් වෙනවට වඩා ඓතිහාසික භූමිකාව වෙනුවෙන් සිරගත වීම වටිනවා-අභයතිස්ස හිමි

දන් වළඳා ජීවත් වෙනවට වඩා ඓතිහාසික භූමිකාව වෙනුවෙන් සිරගත වීම වටිනවා-අභයතිස්ස හිමි

Gepostet von Ada Derana Sinhala am Dienstag, 22. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More