දේශීය පුවත්

සමෘද්ධි අධිකාරිය විසින් නීති විරෝධී ලෙස සකස් කරන ලද පත්වීම් ලිපි අට සියයකට අධික සංඛ්‍යාවක් තිබූ කාමර කිහිපයකට මුද්‍රා තැබූ මැතිවරණ කොමිෂන් සභාව එම පත්වීම් ලිපි වල පිටපත් විමර්ශන කටයුතු සඳහා රැගෙන ගිය බව සමෘද්ධි අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමෘද්ධි බැංකු පරිගණක ක්‍රියාකරු තනතුරු සඳහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මෙම පත්වීම් ලිපි සකස් කර තිබී ඇත. එම පත්වීම් ලිපි ෆයිල් කවර විස්සකට තිහකට වැඩි ප්‍රමාණයක බහා තිබුණු බවද එම ආරංචි මාර්ග පවසයි.

සමෘද්ධි අධිකාරිය විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පත්වීම් ලිපි ලබා දෙන බවට ලද තොරතුරකට අනුව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශන කටයුතු සිදු කරන අතර තුළදී සඟවා තිබූ මෙම පත්වීම් ලිපි තොගය හමුවී ඇත.

මෙම ලිපිවල පත්වීම් දිනය ලෙස සැප්තැම්බර් මාසේ දිනයක් සටහන් කර ඇති අතර අදාළ තනතුර සදහා අයදුම්පත් යොමු කරන ලද දිනය ලෙස සටහන් කර ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ දිනයකි. මෙලෙස පත්වීම් ලබාදීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් සමෘද්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභා විසින් ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More