පුරවැසි කොලම

එදා ජේ.වී.පී.ය සහ අද ජේවීපීය මැයෙන් දොස්තර වසන්ත බණ්ඩාර විසින් රූපවාහිණි සාකච්ඡාවකදී ජවීපයේ උපාය මාර්ග තේරීම පිළිබඳව ඉතා වැදගත් කරුණක් හෙළිකරන ලදී. එනම් කලින් කලට ඇතිවන ජනප්‍රියගාය තම පැවැත්ම උදෙසා කෙටිකාලීන ජයග්‍රහන වෙනුවෙන් ජ.වි.පෙ විසින් තෝරාගන්නා ආකාරය පිළිබඳව කරනලද පැහැදිළි කිරීමයි. අලුත් ජ.වි.පෙ කාඩරයින් වසන්ත බණ්ඩාරයන් ජේවීපී කාරයෙකියි නොදන්නා නමුදු එය සුප්‍රකට කුමාර් ගුණරත්නම් කෙනෙක් ජ.වි.පෙ නොසිටි බව පැවසූවන්ට ගැලපුනද වසන්ත බණ්ඩාරයන් යනු සෝමවංශ අමරසිංහාදීන් මෙන් 88/89 භීෂණ යුගයේදී රටින් පැන ගොස් ජීවිතය ගලවාගත්ගෙක් බව දන්නෝ දනිති. එබැවින් වසන්ත බණ්ඩාරයන් විසින් ජවිපය පිළිබඳව සිදුකළ ප්‍රකාශය අවතක්සේරු කළ නොහැක.

ජ.වි.ප යේ අවිච්ඡින්නව පැවත එන ගාය වනුයේ බෙදුම්වාදය හෙවත් සුලු ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතියට සහයෝගය දිමයි. එනම් ජවිපයේ මුල සිටම න්‍යෂ්ඨියේ ඇත්තේ බෙදුම්ගායයි. දිගුකාලීන බෙදුම්ගායි අරමුණ වෙනුවෙන් ජවීපයෙ කෙටිකාලීනව කඳවුර තේරීමේ කාර්යභාරය මැනවින් සිදුකර ඇති බවත් වත්මනේදීද එසේම කරන බවත් අනාගතයේදීද එසේ කරන බව පැහැදිළි වේ. හෙවර වෙනස වන්නේ එසේ ජනප්‍රියගාය වැලඳගැනීමේ කුප්‍රකට භූමිකාව ජ.වි.ප ය වැලඳගැනිමට පෙරම පරාජයවී ඇති බවයි. ඒ අඩුව පිරවීමට අදිසි ස්වාමීවරුන් විසින් පාවෙනගාය ඇති ඡන්දදායකයින් අරමුණුකොට සුපුරුදු ලෙස ඉත්තෙක් යොදා ඇති නමුදු ඔවුන්ගේද අරමුණ වැරදි තෝරාගැනීම් හේතු කරගෙන ආරම්භයේදීම පරාජය වී ඇති බව පෙනේ. ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය බෙදුම්ගායෙන් නොපෙලුන නමුදු වත්මන් නායකත්වය බෙදුම්ගායෙන් උපරිමව පෙලනු ලබයි. ශ්‍රී.ල.නි.ප යේ බෙදුම්ගාය බලවත්ව තිබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයන්ට වන අතර මංගල සමරවීරයන් එහි තවත් සහයෝගිකරුවෙක් විය. වත්මනේ පොහොට්ටුවේද බෙදුම්ගාය ඇති නටබුන් ඇති අතර පෙර මෙන් නොව මෙම බෙදුම්ගායි නටබුන් වලට වැඩි අගයක් නොපවතින බව පෙනෙන්නට ඇත.

බැසිල් රාජපක්ෂ විසින් හින්දු පුවත්පතට උපරිම බලය බෙදීමක් ගැන පවසා ඇති නමුදු බැසිල් රාජපක්ෂයන් බෙදුම්ගායෙන් පෙලෙන්නෙකු නොවන බවට පැහැදිළි කරුණකි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂයන් බැවින් ඔහුගේ භූමිකාවේ ඉතා වටිනා වැදගත් කමක් ගැබ්ව ඇත. එබැවින් ඔහුගෙන් සිදුවන කුමන තේරීමක් වුවද සෑම අංශයකටම තදින් දැනෙන බව පැහැදිළිය. ගිණි පෙල්ලෙන් බැට කැ මිනිසා කණාමැදිරියන්ටත් බියවන්නාසේ මෙවර ජනප්‍රියගාය වන ජාතිකගාය නියෝජනය කරන පාර්ශවය වන ජාතික සංවිධානවලට බැසිල් රාජපක්ෂයන්ගේ ප්‍රකාශය පිළිබඳ කුකුසක් සහ අප්‍රසාදයක් ඇති වීම සාධාරණ නමුදු එය පොහොට්ටුව සමඟ ඇති ගනදෙනුව පලුදු කර ගැනීමට වර්ධනය කර ගැනීම දක්වා ඇද ගැනිම සුදුසු නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ සැබෑ බෙදුම්ගායකයින්ගේ අරමුණ මස්තකප්ප්‍රාතවීමයි. එයට ඉඩ දීමට ජාතිගායින් ඉඩ සැලසිය යුතු නොවේ. ඒ වෙනුවට සැබෑ සතුරා දෙස සියලු ආයුධ එල්ල කිරීමට වඩා සුදුසු වේ. මේ අතර වඩා ඔදවැඩුණු ජාතිකගායන් විවේචනගායෙන් පෙලෙමින් ජාතිකගායින් වෙත ප්‍රහාර එල්ල කරන ආකාරයක් පෙනෙන අතර ජමවන් ප්‍රහාරයන්ද සතුරා අතට ආයුධ දීමක් බව පැහැදිලිවේ.

ඉහත කරුණු විග්‍රාහාත්මකව බැලිමෙන් උක්ත අඛ්‍යාත ගලපා බැලීම සිදු කල හැක. එදා සිට ජ.වි.ප යට තිබුණ ගායවන්නේ ජනප්‍රියගාය වැළඳ ගැනිමයි. කාලයෙන් කාලයට ඇතිවන ජනප්‍රිය ප්‍රවනතාවය තමුන් සතුකර ගැනීම හෙවත් සතුරාගේ ආයුධය ඩැහැගැනීම එහි දැකිය හැකි එකම ලක්ෂණය වේ. මෙම ජනප්‍රියගාය වැළඳ ගැනීම දෙයාකාර වේ. එනම් තම සැබෑ රූපානුකුලව ජනප්‍රියගාය ගැනිම සහ තම සැබෑ රූපය වසාගෙන අනෙකෙකුගේ ගායක් ඇඟලා ගැනීමයි. පලමු ආකාරය තම සැබෑ අරමුණ පිළිබඳව විග්‍රහයකි. දෙවැන්න තම දිගුකාලින අරමුන වෙනුවෙන් ගන්නා කෙටි කාලීන ක්‍රියාමාර්ග වේ. මෙහිදි තම පැවැත්මට අභියෝගයක් විය හැකි කණ්ඩායමක් බිහිවීමට හැකියාව ඇති නම් එසේ අභියෝගයක් විය හැකි මාතෘකාවක් හෙවත් ජනප්‍රියගාය තම ග්‍රහණයට ගැනීම සිදු කරනු ලබයි. ජ.වි.ප ය එජසේ ජනප්‍රියගාය ග්‍රහණය කරගැනීමෙන් බලාපොරොත්තු වන්නේ තමුන්ට එරෙහිව නැගිටිය හැකි කොටස් බිහිවීම වැළැක්වීම, තමාව ප්‍රතික්ෂේප වීමෙන් වලක්වා ගැනීම සහ තමාගේ ගොඩට කොටස් ඈඳා ගැනීම වේ.

ජේ.වී.පි ය ආරම්භයේදී විජේවීරජයෝ පැමිණියේ එකල ජනප්‍රියගාය වූ චේගුවරාගාය සමගිනි. එය 71 දී සුප්‍රසිද්ධ රතගායෙන් සංසිඳුනි. ඊළඟට ස්වයංනිර්ණය සඳහා ඇති බෙදුම්ගායට තල්ලු වෙමින් ගොස් පලමු ජනපතිවරණයෙන් ලැබුණ කනේ පහරද සමඟින් ඒ ස්ථාවරයෙන් මිදීමට සුපුරුදු ජනප්‍රියගායට මාරුවීම සීරුවට සිදු කෙරිණි. එහිදී ලයනල් බෝපගේ වැනි උග්‍ර බෙදුම්ගායෙන් පෙලෙන්නන් ඉවත්වුන අතර විජේවීරට ඉන්දියානු ආක්‍රමණය ගැන කියවීම් ඇති වුණි. මේවන විට ඉන්දියානු විරෝධගායක් ක්‍රමයෙන් ඇති වෙමින් තිබුණ අතර එය ජනප්‍රිය වෙමින් පැවතුණි.

88/89 වනවිට ජේ.වී.පිය මව්බිම නැත්නම් මරණය යන ජනප්‍රිය මතවාදයට මාරුවුනි. එම ජනප්‍රිය මතය හැසිරවීම කෙසේ අවභාවිතා කර ඇද්ද යන්න පසුවිපරම් කිරීම් වලින් බැලීමේදී ජ.වි.ප ය සුපුරුදු ලෙස ජනප්‍රිය මතවාද හයිජැක් කර බලලුන්ලවා කොස් ඇට බෑවීමටකට උත්සහ දරා ඇති බවක් පැහැදිළි වේ. එනම් මව්බිම වෙනුවෙන් මරණය තෝරා ගත්තේ නම් ඔවුන් සටන් කල යුතුව තිබුණේ උතුරට සහ නැගෙනහිරට ගොස් බෙදුම්වාදී කොටියාට විරුද්ධව යුතුවවේ. ඒ වෙනුවට ජ.වි.ප ය තෝරාගත්තේ මුව හමට තැලීමේ න්‍යායක් හෙවත් රට රකින්න උතුරට සහ නැගෙනහිරට ගොස්සිටි හමුදාවට පහරදීමයි. මේ පිළිබඳ කමල් ගුණරඑත්නයන්ගේ නන්දිඩාල් පොතේ සඳහන් කර ඇත. මෙහිදිද ජ.වි.ප ය කර ඇත්තේ ජනප්‍රියගාය අවභාවිතා කිරීමයි. වසන්ත බණ්ඩාරයන් පවසන පරිදි 2005 දී ජ.වි.පෙ නැවත ජනප්‍රිය මතයට තල්ලු වුණි. 2005 වන විට සිංහල උරුමයේ මතය ජනප්‍රිය වෙමින් පැවතුනි. එම ජනප්‍රිය මතයට බෝදිලිමෙකුට වැඩිය සූක්ෂම ලෙස ජ.වි.පෙට මාරුවිය හැකිවුණි. මතුපිටින් පෙනුනිද බෙදුම්වාදීන්ට සහයෝගය දීම නිරන්තරව ජ.වි.පි යේ අරටුවේ පැවතුනි. එයින් අමරසිංහ ජේ.වී.පී ය හැරයාම ඒ අනුව සිදුවුණි.

වසන්ත බණ්ඩාරයන් පවසන පරිදි මහින්ද පැරදවීමටට මහින්දව දින වුවද 2009 වනවිට බෙදුම්වාදී පවතින බව දැන ගත් විට ජ.වි.පයේ සැබෑ මෙහෙයවන්නන් ලෙස බෙදුම්වාදී රැකගැනීමට යොමු කරවන ලදී. එහිදී විමල් වීරවංශයන් ජ.වි.පයෙන් ඉවත් වුණි. බෙදුම්වාදීන්ට උදව් කරන අය න්‍යෂ්ඨියේම ම පවතින අතර ඔවුන් කලින් කල සුදු ඇඳගෙන පැමිණෙන කළු වංශිකයන් වේ. 2014 දී ජ.වි.පෙට උග්‍ර බෙදුම්වාදියෙක් වුණු රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය සමඟ දීග යෑමට සහ එම බැඳීම දිගටම පවත්වාගෙන යෑමට බලපාන්නේ මෙම බෙදුම්වාදයට ඇති අභ්‍යන්තරයේ දැඩිව පවතින අවචින්ත බැඳීමයි.

බෙදුම්වාදයේ බදුම්වාදජේ ස්වාමීන් 2014 වනවිට ජකොජතක් බලවේවීද යේ ජාතිකවදීන්ජේ පිල කැබලිවලට කැඩීමට ඔවුන්ට හැකියාව ලැබුනි.ඒ අනුව කවදත් එජාප ලැදි මල්වතු පාර්ෂවයේ නායක හිමියන් ගේ පිට ජාතිකගාය එදා සිටම තිබූ කෝට්ටේ නාග විහාරයේ සෝභිත හිමියන් පවා ග්‍රහණය කර ගැනීමට බෙදුම්ගායින් සමත්වි තිබුණි. මහින්ද රාජපක්ෂයින්ගේ එකවුන්ට් එකට බැර කරමින් දූෂිතයින් කිහිප දෙනෙක් ක්‍රියා කිරීම සහ ඔවුන්ට නිසි දඬුවම් දීමට අපොහොසත් වීම රාජපක්ෂවරුන් හට දූෂණ චෝදනා එල්ල වන්නට හේතු විය. ස්ත්‍රී දූෂණයේ සිට ලැම්බෝගිනි මතින් හයිවේ ගසාකෑම් හරහා රතුපස්වල දක්වාම වූ සියලු ක්‍රියාකාරකම් මැඩලීම, දඬුවම් දීම හෝ ක්‍රියාකිරීමට උත්සහ නොකිරීම මෙම බෙදුම්ගායින්ගේ මනදොල සපුරා ගැනීමට කදිම තෝතැන්නක් විය. ලැම්බෝගිනි බකිංහැම් පැලස් හෙලිකොප්ටර් සහ කාර් රේස් ලාංකික ජනයා පෙළෙන කුහකගායෙන් ප්‍රයෝජන ගැනීමට බෙදුම්ගායින් විසින් අටවන ලද කෙමනක් බව වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් අවසන්ව තිබුණි. අවසාන මොහොතේදී පවිටු දූෂිත අභිසරුලෝලී අවස්ථාවාදීයෙකු නොවූ උදය ගම්මන්පිල හට ජාතික හෙළ උරුමයෙන් ගැලවීමට හැකිවුණද (නො)හැදියාගායෙන් පෙලෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍රයන්ට අනුව ගම්මන්පිලයන් හට ඔහුගත් තීරණ වෙනුවෙන් වෘෂණ කෝෂ වලට කොට්ට තබාගෙන සිපිරිගෙයි ලගින්න පවා සිදුවිය.

මෙසේ 2015 වනවිට ජනප්‍රියගාය වූ මහින්ද හොරා යන්න ජ.වි.පය සාර්තකව භාවිතා කරන ලදී. ජ.වි.පෙට එජාපය සමඟ දීග කැමට කුමනම ආකාරයේවත් අවුලක් නොතිබිණි. එයට හේතුව වුණේ ජ.වි.පයේ අභ්‍යන්තරව ජනප්‍රිය බෙදුම්ගාය එජාපයට අවශ්‍ය ප්‍රමාණයටද වඩා ඉහළින් පැවතිමයි. කේසේ වුවද මෙවර ජනප්‍රියගාය තේරිමේදි ඉතිහාසයේ පලමු වතාවට ජ.වි.පේ පරාදවී ඇත. එය ඔවුන්ගේ මෑත ඉතිහාසයේ අවභාවිතයෙන්ම සිදුවූවකි. හොරු ඇල්ලීමට පැමිණ නව හොරු බිහිකිරීමේ සිට නිර්ලජ්ජිත ලෙස හොරු රැක ගැනීමට ඉදිරිපත් වීමෙන් ජ.වි.පයේ ඓතිහාසික ජනප්‍රියගාය වැළඳගෙන ඉදිරියට ඒමේ අවස්ථාව අහිමිකරගෙන ඇත.

නමුත් බෙදුම්ගායේ ස්වාමිවරුන් යටත්වීමට සූදානම් නැත. ඒ සඳහා ඔවුන් මෙවර පැති කිහිපයකින් තම කටයුතු අරඹා ඇත. ගොන්ගායෙන් පෙලෙන සජිත් ප්‍රේමදාසයන් නින්දෙන් පිබිදුනාක් මෙන් තමාද නායකත්වය සහ ඊාරකාරත්වය දැරෑ රජයේ දූෂිතකම් හොරකම් පාවාදීම් සහ විකිණීම් කිසිවකටත් තමා වග කිවයුතු නොවන සේ සෙප්පඩ විජ්ජාවක් පෙන්වමින් දුප්පත් නූගත් ජනතාව ඇදගැනීමට කටයුතු කරමින් සිටි. ඒ කෙසේ වුවද ලැබෙන නියත පරාජය හඳුනාගෙන ඇති බෙදම්වාදී ස්වාමීන්ගේ කැමැත්ත මත ජ.වි.පයේ බේරාගනුවස් මෙවර ජනිපය වෙනම තරඟකරවිමට අනුමත කර ඇත. එසේම හමුදා නායකත්වයට සුදුසුකමක් නොතිබූ, රණවිරුවන් පාවාදෙද්දී ඒ පිළිබඳව කිසිවක් නොකෙරූ, නන්දිකඩාල් විජයග්‍රහණයෙන් වසර දහයකට පසු සිදු කෙරුණු ලෝකයේ මිලෙජ්ජතම ත්‍රස්ථ ප්‍රහාරය පිලිබඳව 97 වතාවක් දැනුවත් වීම් කර තිබුණද එය වලකා ගැනීමට අපොහොසත් වීම පමණක් නොව එම ප්‍රහාරය පිලිබඳ මාධ්‍ය මඟින් දැන ගැනීමට පමණක් සමත් වූ බම්මන්නෙකු පාවෙනගාය ඇත්තවුන් බා ගැනීම සඳහා මෙවර ඉදිරිපත් කර ඇත. මෙවර ජේ.වි.පී ය මෙන් බෙදුම්ගායේ ස්වාමිවරුන්ද තරඟය ආරම්භයේදිම ඇනගත් බවක් දක්නට ඇත.

සාමාන්‍ය ජන වහරට අනුව නයා යවනවා යැයි වාචාල මූකරියන් බේගල් ඇද බාන විට පැවසීම සුලභ උවද ඔවුන්ගේ රඟ දැක්වීමට අහුවන්නන් සුලභ නොවේ. එවන් දුර්ලභ වූ අවස්ථාවක් පසුගිය කාලයේදි සිදු විය. නමෙන්ම නාගයෙන් වූ නාගානන්දයන් බෙදුම්වාදයේ ස්වාමීන්ගේ සිට ජාත්‍යන්තරයද, උබුජගායෙන් පෙලෙන සිංහල ඩයස්හෝරාවද, පාවෙනගායෙන් පෙලෙන සම-හරක්ද වසඟ කර ගැනීමට සමත් විය. අවසානයේද් ඔහු දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් තියරියෙන් වේදිකාවෙන් බැසගිය අතර එයින් ගැබුන කනේ පහර ඉහත කී උබුජගායෙන් හා පාවෙනගායෙන් පෙලුන සමහරක්ගේ ඇස් ඇරවන්නට සමත් විය. නොඅනුමානව උබුජුගායන්ට සහ පාවෙනගායින්ට යම්කිසි දුරකට ජාතික ගායද තිබෙන බැවින් එවැන්නන් අසාර්ථක චරිතයක් වූ අත්භූත ලෙස පුම්බන ලද මහේෂ් සේනානායකයන් ප්‍රතික්ෂේප කරන්නට ඇත. ලෝකයේ කුමන රටකවත්, ලංකාවේ හැර, එවන් අසාර්ථක හමුදාපතිවරයෙක් නොසිටින්නට ඇති අතර හමුදාපතිධූරයෙන් ඉවත්වුණ වහාම රට පාලනය කරන මුල් පුටුවටම තරඟ වදින්නට ඉදිරිපත් නොවනු ඇත.

ජාතිකගායින්ගේ මෙවර තවත් ජයග්‍රහණයක් වන්නේ 2014 දී ජාතික කඳවුර අතහැර බෙදුම්ගායින්ගේ කඳවුර සමඟ සිටගත් සමහර ජාතිකගායෙන් පෙලෙන්නන් කොන්දේසි විරහිතව නැවතත් ජාතිකගායින් සොයා පැමිණීමයි. රතන හිමියන්ගේ ආපසු වැඩීම, එජාප ලැදි මල්වත්ත පාර්ෂවයද එජාපයෙන් දුරස්ව ජාතිකගාය පැත්තට නැඹුරු වීම, අස්ගිරි පාර්ශවයෙන් සහ අනෙකුත් පාර්ශව වලින් නිබඳ ආශිර්වාදයද, වික්‍රමසිංහලාගේ නින්දගමක් හෝ බූදලයක් ලෙස සැලකූ කැළණිය විහාරයෙන් රනිල් වික්‍රමසිංහයන් නෙරපා දැමීමද, එජාප බලකණුවක් වූ ගංගාරාමයෙන්ද එවැනි ඉරණමක් අත්වීම පමනක් නොව කෝට්ටේ නාග විහාරය නැවත වරක් බෙදුම්ගායින් හඳුනාගෙන ඔවුන්ගෙන් ඉවත්ව ජාතික කඳවුර තුලට ගොනුවි ඇත. බෙල්ලන්විල, පැපිලියාන, හෝකන්දර ආදි සියලු විහාරයන් ආශ්‍රිතව නැවතත් ජාතිකගාය එක ගොඩකට ගොනුකරමින් ජ.වි.පෙ ආදී බලල් අත් වලට ජාතිකගාය නැමැති ප්‍රභල අවිය අත්පත්කර ගැනිමට තිබූ ඉඩකඩ අහුරා ඇත.

මේ අතර අතිජාතිකගායි කඳවුරකින් ජාතිවාදින්ට චෝදනා එල්ලවන බවක්ද පෙනෙන්නට ඇත. ඔවුන් උග්‍ර සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙනි සිටින අතර ලංකාවේ රාජ්‍යත්වය අහිමි වූ දා පැවතියාවු ක්‍රමයට ප්‍රානය දීම ඔවුන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශ කරන්න යෙදුණි. ගාය යනුවෙන් යෙදීමෙන් අපහාස මුඛයට වැටීම සිදුවන බැවින් එවන් පටබැඳිමක් නොකරන අතර අතිජාතිකගායීන් යනුවෙන් ඔවුන්ව හඳුන්වමු. මෙම උග්‍රජාතිගායින් ජාතික පිලෙහි සිටියද අදිසි වේගය හේතු කර ගෙන හදිසි අනතුරු කර ගැනීමට ඉඩ ඇත. එබැවින් සංයමයෙන් යුක්තව ඉදිරි සති කිහිපය ක්‍රියාත්මකවීම වැදගත්වනු ඇත.

මේනයින් බලන කල මෙවර ජාතික ගායින්ගේ ආවුදය ජාතිකගායීන් අතම පවතින අතර එය පළමුවරට උගුරට හොරා බෙහෙත් කන ජ.වි.පෙට අත්පත්කර ගැනීමට නොහැකිවිය. එසේම ජාතික වෙසින් එන ප්‍රතිරූපකයන්වද හඳුනාගෙන ඇත. බෙදා ඉල්ලන දෙමල ජාතික සංවිධාන සමඟද, රටම ඉල්ලන ආගමික ත්‍රස්ථවාදීන් පෝෂණය කරන පකත්ෂ සමඟ කුප්‍රකටව ගිවිසුම්ගතව එන එජාපය පිළිබඳව පැහැදිලි කියවිමක් තිබෙන බැවින් එජාපයට ජාතිකවාදී කිසිවෙක් ඡන්දය නොදෙනු ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව තුලින් ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප වීමට විවෘත අවකාශයක් ඇතිවී ඇත. ඔවුන්ද ජාතිකත්ව පෙරමුණ සමඟ වෙන කවරදාවත් නොවූ ලෙස ගොනුවෙමින් පවති. මුස්ලිම් අන්තවාදී පක්ෂ සහ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ඉදිරියට පැමිණෙමින් ඇත.

– යසස් ධර්මදාස –



One thought on “නිවැරදිගාය තෝරා ගැනීම සහ ජාතිකගාය දිනවීම.”

  1. The write try to highlight with wrong data and then analysis within a small community in Dubai. That is usual practice of the people they earned enough, but not back to Mother land. I personally know the write and he is currently highly supported to one political party, Therefore he try to highlight with in this small comunity.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More