දේශීය පුවත්

නිතීඥ්‍ය ප්‍රධාන් ඒ. රනගල නැමැති අය සමාජ ජලා (face book ) “මුහුණු පොත්” ගිණුමක් පවත්වාගෙන යමින් දිගින් දිගටම ජනාධිපති නිතීඥ්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාසාත්මක ලෙස ප්‍රකාශයක් පල කොට ප්‍රසිද්ධ කර ඇති විජයදාස මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ලිපියක් නිකුත් ක ඇත.

එම නිසා විජදාස මහතාගේ කීර්ති නාමයට සහ ගෞරවයට හානි කිරීම හේතුවෙන් සිදු වී ඇති අලාභය ලෙස රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නිතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් නිතීඥ්‍ය ප්‍රධාන් ඒ. රනගල නැමැති අයට එන්තරවාසි ලිපියක් යවා ඇති බව එම ලිපියේ සඳහන් වේ.

නිතිඥ ප්‍රධාන් ඒ. රනගල නැමැති අය නිතීඥවරයෙකු ලෙස ඉතා පහත් සහ අශිෂ්ඨ ලෙස කරන ලද එම අපහාසයන් හේතුවෙන් ඔහු අධිකරණ සංවිධාන පනතේ 42(3) වගන්තිය සහ නිතීඥවරුන්ගේ චර්යා ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පනවා ඇති රීති අංක 56, 58, 60 සහ 61 උල්ලංගනය කර ඇති බවද වියදාස රජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් කළ නිවේදනයෙන් දැනුම් දෙයි.

එබැවින් නිතීඥ්‍ය ප්‍රධාන් ඒ. රනගල නැමැති අය නිතීඥ වෘත්තියේහි යෙදීමට සුදුස්සේකු නොවන හෙයින් ඔහු නිතීඥ වෘත්තියෙන් නෙරපීම සදහා අග්‍ර විනිශචයකාරතුමන්ට ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ.

තවද, මෙම කාරණය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියේ අන්තර් ජාල මගින් සිදු කරන අපරාධ විමර්ෂණය කරනු ලබන රහස් පොලිසීයටද , පැමිනිල්ලක් කර ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More