දේශීය පුවත්

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතුය. හදිසි අවස්ථාවකදී සිය පුරවැසියන් තානාපති කාර්යාලයට +94 112-301-601 අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය +971 800-444-44 අමතන්න” යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ලබන නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන මෙන් දන්වා සංචාරක තහනමක් පැනවීමට පියවර ගෙන තිබු බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More