දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාලනය කළ පිරිසම වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රත්නපුර නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

බිඳ වැටුණු රට – ගොඩනගමු අපි යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලවේ තවත් රැලියක් රත්නපුර නගරයේදී ඊයේ (21) පැවැත් විය.

දශක 7කට වැඩි කාලයක් ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් දේශපාලඥයන්ගේ පුරාජේරුව රටවැසියන් අසාගෙන සිටි නමුත් එයින් සෙතක් වී නොමැති බවත් ජනතාව මේ වන විට දේශපාලනය පවා එපා වී තත්ත්වයකට පත් වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සිටි ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු 53ක් වත්මන් ආණ්ඩුවේද නිලතල ලබා ගෙන වත්මන් ආණ්ඩුවට පැමිණ ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවගේ ඡන්දය භාවිතා කර ආණ්ඩු මාරු කර ඇති බව පැවසුවත් නැවතත් පත් කර ඇත්තේ එකම පිරිස බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More