දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා නොගත්තද ගත වූ වසර පහේදී ඔවුන් සමග වත්මන් ආණ්ඩුව එක්ව කටයුතු කළ බැවින් ඔවුන් සමග නව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

වැලිගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී “එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය එක්ක දැන් ගිවිසුමක් ගහල ලු.. රට පාවා දෙන්න. අපිට කිසි ගිවිසුමක් ගහන්න ඕනේ නෑ. ඔය පක්ෂ එක්ක අද ඊයේ නෙමෙයි 2014 ඉඳන්ම එකට වැඩ කරගෙන එන්නේ. ඒ පක්ෂ එක්ක තමයි අපි ආණ්ඩු හැදුවේ. දෙමළ ජාතින සන්ධානය ආණ්ඩුවේ ඇමතිකම් නොගත්තාට අපි එකට වැඩ කරගෙන ආවේ. ඒ නිසා අලුතෙන් අපිට ගිවිසුම් ගහන්න දෙයක් නෑ.. 2013දී අපි යාපනයට ගියා මැයි දිනයේදී. එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය අපි සැමරුවේ යාපනයේදී. ඒ රැස්වීමේදී සම්බන්ධන් මහත්තයා ඇවිල්ලා ජනතාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ කොඩිය ඔසවපු එහෙම නැත්නම් ඒක වනපු එකම දෙමළ නායකයා. ” යනුවෙන් ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More