ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේන් ඉවත්වී සුදුසු කෙනෙකු පත්කර නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු නොකරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කර සුදුසු කෙනෙකු පත්කර නව ගමනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කැමැත්ත පළකර තිබෙන බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් තවදුරටත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි.
එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා විශාල පිරිසක් යෝජනා කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 11 වැනිදා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ ගැන සාකච්ඡ කළ බවත් එම ජේෂඨ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීමට අවශ්‍ය කටයුතු දැනට සිදුකරමින් යන බවත් එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ එම ජේෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More