දේශීය පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ සමෘද්ධි අධිකාරියේ නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍රයක් සකස්කර රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට යැවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

දේශපාලන බලපෑම් මත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිසා වරදකරුවන් වන්නේ රාජ්‍ය නිලධාරීන් බව ද මැතිවරණ කොමිසම පවසයි.
සමෘද්ධි අධිකාරියේ නව පත්වීම් ලබාදීම පිළිබඳව සහ සමෘද්ධි හිමිකම්පත් නිකුත් කිරීමට සූදානම් බවට ලැබුණු පැමිණිලි මත මැතිවරණ කොමිසමේ නිලධාරීන් විමර්ශනයක් අරඹා තිබේ.

එම පැමිණිලිවලට අදාළව ඊයේ (21 වැනිදා) දිනයේදී ද සමෘද්ධි අධිකාරියට ගොස් තොරතුරු සෙවූ බව මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු පැවසීය.

ඇමතිවරයකු විසින් සමෘද්ධි කළමනාකරුවන්ට චෙක්පත් ලබාදීමක් සම්බන්ධව ද පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව ද සොයා බලන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නිවාස සංවර්ධන අධිකාරියේ නව පත්වීම් දෙදහස් අටසීයක් පමණ ලබා දී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසම විසින් දීර්ඝ විමර්ශනයක් අරඹා ඇති අතර, එහි කටයුතු ඊයේ (21 වැනිදා) දිනයේදී ද සිදු කෙරුණි.

අට සමත් සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් අයවලුන්ට කාර්යාල කාර්ය සහායක ඇතුළු තනතුරු රැසක් ලබා දෙන බවට ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන කටයුතු සිදුකෙරේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැතිවරණ නිලධාරීන් විසින් නිවාස සංවර්ධන අධිකාරියේ අංශ කීපයක්ම පරීක්ෂාවට ලක් කර ඇත.

නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා ඉකුත් සිකුරාදා සිට මැතිවරණ කොමිසම විසින් වෙනම නිලධාරියකු යොදවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More