දේශීය පුවත්

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරුණ්‍යයද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

තාරණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ(20) පස්වරවේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.

තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවිආයුධ නොගෙන ප‍්‍රශ්නවිසඳන ආකාරය අවබෝධ කරවීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර දිවයිනම නියෝජනය වන අයුරින් තරුණ තරුණියන් හාරසියකට වැඩිපිරිසක් ඊට එක්ව සිටියහ.

තරුණ තරුණියන් නැගු ප‍්‍රශ්න කිහිපයකට ද මෙහිදී ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදුන් අතර ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද වියයුතු බවයි.

උගතුන් සිටින රටක ගැටලූ අවම වන අතරම, එමරට සංවර්ධනය කරා ගමන් කරන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එවිට රාජ්‍ය පාලනයද යහපාලනයක් බවට පත් වන බවකියා සිටියේය.

මත්ද්‍රව්‍ය ගැටලූව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මත් උවදුරෙන් මේරටේ තරුණපරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කට යුතු කළ බවයි.

මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.



2 thoughts on “නිල කාලය අවසන්වීමට පෙර එක් අයෙකුට හෝ මරණ දඬුවම දෙනවා-ජනපති”

  1. මරණ දඬුවම නියම කරනු ලබන්නේ අධිකරණයෙන් වන අතර, අභායාචනය කිරීමක් සිදු වුව හොත් එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද ස්ථිර කරනු ලබයි……!

    එම තීන්දුවට අනුව, ජනාධිපති වරයාට කැමති දිනයක එම චූදිතයාව එල්ලා මැරීමට නියෝග කළ හැකිය….!!

    එනම්, අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ජනාධිපති තුමාහට පවරා ඇත…..!!!

    එවන් තත්වයක් යටතේ යලිත් එම තීන්දුව කිසිදු අධිකරණයකට වෙනස් කිරීමට ඉඩක් නැත……!!!!

    එබැවින්, මෙම අවස්ථාවේ පනවා ඇති අතුරු තහනම ද නීති විරෝධීවේ. ……!!!!!

    එය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණයම එරෙහි වීමකි………!!!!!!
    එය අධිකරණය විසින් අධිකරණයට අපහාස කර ගැනීමකි……..!!!!!!!

  2. උදාහරණයක් ලෙස, දුමින්ද සිල්වා එල්ලා මැරීමට සිදු කර ඇති අධිකරණ නියෝගයට අනුව, ජනාධිපති තුමා හට කැමති දිනයක දී ඔහුව එල්ලා මරණ ලෙස නියෝග කළ හැකිය…….!

    ‍ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ මෙම අතුරු තහනම් නියෝගය හරහා එම නියෝගය අභියෝගයට ලක්ව ඇත…..!!

    මෙය අධිකරණය විසින් සිදුකර ඇති බරපතල වරදකි……එම වරද සිදුකර ඇත්තේ අධිකරණය වන තමාටම එරෙහිව වීම හාස්‍යජනක මෙන්ම බරපතලම වරදකි……!!!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More