දේශීය පුවත්

ජනාධිපතිවරනය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී මේ බව පවසා ඇත්තේ පක්ෂ සාමාජිකයින් හමුවී පැවති සාකච්ඡාවකදී  වන අතර එහිදී මන්ත්‍රී වරයා පවසා සිටියේ  උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බවයි.

දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කව්රුන්දැයි තීරණය කරන බවද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පැවත්වෙන සාකච්ජාවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More