දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් වෙත භාර දෙන ලද කරුණු 13 ක් ඇතුළත් ලිපියට කිසිවකුගෙන් හෝ පැහැදිලි ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඊට වෙනත් විකල්පයක් අනුගමනය කළ යුතු බවට දෙමළ දේශපාලන පක්ෂ දෙකක් තීරණය කොට තිබේ.

සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයත් සී. වී. විග්නේස්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයත් (ටීඑම්කේ* මේ තීරණය ගෙන තිබේ.

මේ පක්ෂ දෙක විසින් ගන්නා විකල්ප ක‍්‍රියා මාර්ගය බොහෝ විට ජනාධිපතිවරණය වර්ජනය කිරීම හෝ ජනාධිපතිධූර අපේක්ෂකයන් විසින් උතුරේ පවත්වනු ලබන සියලූම රැුස්වීම් වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවට දැනුම් දීම විය හැකි යැයිද එම පක්ෂ දෙකේ නියෝජිතයෝ කියා සිටිතිි.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහ විසින් අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලට කිසිදු අයකු මේ දක්වා ලිඛිතව දැණුම් දීමක් සිදු කොට නැති බව පවසන ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානය ඔවුන් දේශපාලන වේදිකාවල මහජනතාවට ප‍්‍රකාශ කරනු ලබන දේ පිළිගැනීමට සූදානම් නැති බවද කියා සිටියි.

අවම වශයෙන් ඔවුන්ගේ ලියවිල්ලේ සඳහන් කාරණා 13ට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව හෝ ඒවා ඔවුන් පිළිනොගන්නා බව පැවසීමට සදාචාරාත්මකභාවයක් එම අපේක්ෂකයන්ට තිබිය යුතු බවද උතුරේ එම දේශපාලන පක්ෂ දෙක සඳහන් කරයි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More