දේශීය පුවත්

උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම  ඊයේ(20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

‘‘මේ වෙන කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිනවා.

මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව ගේ කැමැත්ත වෙනදාට වඩා තම ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

හම්බන්තොට දිස්‍රතික්කයේ ජනතාවට කිසිදු යුතුකමක් නෑ එජාපටට ඡන්දය දෙන්න. මොකද හම්බන්තොටට මේ රජය කිසිවක් සිදු කළේ නෑ.හම්බන්තොට වාරය විකුණලා මේ රජය ගත්ත සල්ලි වලට මොනවාද වුණේ කියල මේ වන තුරුත් මේ රටේ ජනතාව දන්නේ නෑ.

මම අගමැති වෙලා සිටි දින 51 තුළ මේ රටේ ගොවි ජනතාවට පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා.නමුත් ඒ වැඩපිළවෙල දිගට කරගෙන යන්න අපට ඉඩ  දුන්නේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වරට කැබිනට් මණ්ඩලයට  තීන්දු ගන්න එපා කියල අධිකරණය අපට නියෝග කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More