දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය  නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර වංචාවේ මුදල් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතා විසින් භාවිතා කර ගෝඨාභය රාජපක්ෂ මහාතාට සහයෝග දක්වන එම පිරිස විශාල වශයෙන් මුදල් වැය කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි.

තවද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරමින් සිටින බවත්, බැදුම්කර වංචාවේ මුදල් මේ දිනවල ජනාධිපතිවරණය සදහා භාවිතා කරන බව  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More