දේශීය පුවත්

තමා ප්‍රායෝගික මිනිසෙකු බවත්, තවදුරටත් දෙපැත්තට අදිමින් නොසිට යුරෝපයෙන් වෙන්වීම අවසන් කළ යුතු බව නෙස්බි සාමිවරයා  පවසයි.   පසුගිය (19 )වන  දින බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එක්සත් රාජධානිය යුරෝපයෙන්  වෙන්වීම පිළිබඳ පැවති විවාදයට එක් වෙමින්  ඔහු මේ බව කියා සිටියේය.

එසේම මෙම වෙන්වීමත් සමග යුරෝපයෙන් බාහිර වෙනත් රටවල් සමග නිදහස් වෙලද ගිවිසුම් ඇතිකර ගැනීමේ අයිතිය නැවතත් බ්‍රිතාන්‍යයට ලැබෙන බැවින් ඒ සදහා දැන් සිටම බ්‍රිතාන්‍ය රජය  සූදානම් වියයුතු බවයි.

මෙහිදී සාමිවරයා විශේෂයෙන් දක්වා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග මෙවන් ගිවිසුමක් ඇතිකර ගැනීමේ අවස්තාවක් උදාවනු ඇති බැවින් බ්‍රිතාන්‍ය රජය ඒ පිළිදව අවධානය යොමු කල යුතු බවයි .
මීට සති පහකට පෙර සාමාජිකත්වය 50000 ඉක්මවූ ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් ගේ සංගමයේ විශේෂ සමුළුවට සහභාගි වෙමින් ලංකාව හා බ්‍රිතාන්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ අවස්තාථව පිළිබඳව කරුණු ඉදිරිපත් කල බවත් , පැමිනි සියල්ලන්ගෙන් එයට එකගතාවයක් පලවූ බව ද සාමි මන්ත්‍රී මණ්ඩලය හමුවේ එතුමා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉතාමත් කාර්යබහුල මුහුදු මාර්ගයක ප්‍රබල සංධිස්ථානයක පිහිටා තිබෙන බවත්, කොළඹ , හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නැව්තොටවලින් යුත් ශ්‍රී ලංකාව ඉදිරියේදී අවසන් වන පෝර්ට් සිටි ව්‍යාපෘතියත් සමග අති නවීන පහසුකම් සහිත නාවුක සංධිස්ථානයක් වන බැවින් බ්‍රිතාන්‍ය රජයට ආයෝජනය සදහා අගනා අවස්ථාවක් උදාවන බවයි .

ශ්‍රී ලාංකාවේ ආර්ථිකය නැංවීමට 70 දශකය ආරම්භයේ වික්ටෝරියා වේල්ල වැනි ව්‍යාපෘති සදහා අනුග්‍රහය දක්වමින් ලාංකික ආර්ථිකය නැංවීමට පුරෝගාමී වූවා සේ නැවතත් ඉදිරි ආර්ථික ප්‍රබෝධයකට බ්‍රිතාන්‍යය මුල් විය යුතු බවයි . එම කලාපයේ බ්ලියන 35 ක් වන ජනතාවට ලගා විම සදහා ශ්‍රී ලංකාව මූලස්ථානය කර ගත යුතු බව එතුමා ගේ යෝජනාව විය.

තව දුරටත් එතුමා ප්‍රකාශ කළේ මෙහි විශාල ආයෝජන අවස්ථාවක් තිබෙන බවත් ඒ සදහා කඩිනමින්  ක්‍රියාත්මක විය යුතු බවයි .

රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම වෙනුවෙන් වියත්මග වැනි සංවිධාන බිහිවීමත් සමගම ව්ද්වතුන් හා වුර්තියවේදීන් තම සංවිධාන හරහා රටේ ඉදිරි ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම සදහා දායක වන්නට පටගෙන ඇති අතර  ඒ සමග මෙවන් අවස්තා උදා වෙමින් තිබේ.නිසි ආර්ථික දැක්මක් ඇති රජයකට නෙස්බි සාමිවරයාගේ මෙම  මැදිහත් වීම අගනා අවස්තාවකි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ශික ශ්‍රී ලංකාව පිළිබඳ කමිටුවේ සභාපතිවරයා වන නෙස්බි සාමිවරයා 2015 දී එවකට විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දක්වමින් පිලිගත් ජීනීවා යෝජනාව ඉතාමත් දැඩි ලෙස විවේචනයට ලක් කල අතර එකී යෝජනා අසත්‍ය සංඛ්‍යාලේඛන හා සාවද්‍ය කරුණු මත පදනම් වූ බැවින් එය බල රහිත බවත් බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තරය එය ගෙන ඒමම වැරදි බවත් කරුණු සහිතව ඉදිරිපත් කරමින්  ලංකාව සම්භන්දයෙන් ගෙනා එම යෝජනාවට  දැඩි ලෙස විරෝධය පල කල අයෙකි.

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ශක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේද තම නායකත්වය යටතේ පත් වන ඉදිරි රජය  ජිනීවා සම අනුග්‍රහය ඉවත් කරගන්නා බවයි.

ජයරාජ් පලිහවඩන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More