දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී වංචා දූෂණයෙන් තොර අලුත් කණ්ඩායමක් පත් කිරීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“සජිත් ප්‍රේමදාසගේ රජයක් තුළ සුරසැප විදින්නේ ඔබ. මැති ඇමතිවරු නෙවෙයි. මැති ඇමතිවරුන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම අපි අඩු කරනවා. සජිත්ගේ ආණ්ඩුවක් තුළ මැති ඇමතිකම් දරණ එක ඒ තරම්ම මිහිරි වෙන්නේ නෑ. ඒ තරම් සුභදායි වෙන්නේ නෑ. මගේ ඇමතිවරු දරදිය කොටන් ඇදලා මහ පාරට බැහැලා මං වගේ දුක් විඳලා වැඩ කරන්න ඕනේ. දුක් විඳින එක මට බොහොම ලේසියි. උදේ 4ට නැඟිටලා රෑ 10-11 වෙනකල් දිනපතාම නිවාඩු ගන්නේ නැතුව මම තමුන්නාන්සේලා වෙනුවෙන් උපරිම කැප කිරීම කරනවා. කැබිනට් මණ්ඩලය පත් කරනකොට හොරකම් වංචා නොකරපු අවංක, පිරිසිදු, ජවසම්පන්න, ශක්ති සම්පන්න, රටේ ජනතාවට සෙත සළසන අලුත් කණ්ඩායමක් අපි පත් කරනවා. පොදු ජනතාවට සහන සළසන සංවර්ධන මැෂිම සජිත් ප්‍රේමදාසයි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More