දේශීය පුවත්

බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි අධිකාරියේ දී සමෘද්ධි හිමිකම් පත් සකසමින් සිටියදී එම ස්ථානයට ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් ලැබුණු පැමිණිල්ලකට අනුව පරික්ෂා කිරීමට පැමිණ තිබේ.

මෙය අවස්ථාවේදී මෙය දැනගත් අමාත්‍යාංශයේ සිටි විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා හිමින් සැරේ මාරු වී තිබෙන බව වාර්තා වේ. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිෂන් නිලධාරීන්ට කොටු වී තිබේ. මැතිවරණයක් ප්‍රකාශ කළ ඇති අවස්ථාවකදී මැතිවරණ නීතියට අනුව සමෘද්ධි හිමිකම් පත් අලුතින් නිකුත් කළ නොහැක.

මේ තත්ත්වයන් මත සමෘද්ධි හිමිකම් පත් අලුතින් සකස් කළේ කාගේ උවමනාවකට ද ඒවා කාට බෙදීමට ද යන්න කියා ස්වාධීන මැතිවරණ කොමිෂන් විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ අතර දැනට ලැබී ඇති පැමිණිලි අතරින් නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය ධුරය දරන අමාත්‍යංශ මගින් සිදු කරනු ලබන බඳවා ගැනීම් සිද්ධීන් දෙකක් ගැන පැමිණිලි ලැබී ඇත.

නිවාස අධිකාරියට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට සේවකයන් බඳවා ගැනීම් පිළිබඳ පැමිණිලි ලැබී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More