දේශීය පුවත්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තනිව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරයේදී ඉල්ලීම කළ අතර ඒ වෙනුවෙන් තමන් අකමැත්ත පළ කළ බවද ඔහු කීය.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉල්ලීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයන් වෙත ලබාදීමට සූදානම් කොට ඇති බැවින් සියලු පක්ෂ එක්ව කරන සාකච්ඡාවක් වෙනුවෙන් පමණක් තම පක්ෂයද එක්වන බව එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම් දුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් ඒකාබද්ධව එැළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන් කරුණු 13කින් හෙබි යෝජනාවලියක් සකස් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් කණ්ඩායම වශයෙන් පමණක් සාකච්ඡා කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බ වද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.

විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලැබෙන යෝජනාවලිය වෙනුවෙන් එකඟතාව ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව ඡන්දය ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More