දේශීය පුවත්

පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද මාතර, වැලිගම පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අපට අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලයි ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා. රට නැවත ආරක්ෂා කරන්නයි ඉල්ලා සිටින්නේ.

මේ රමේ සුරක්ෂිනතභාවය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් එදා යොදා තිබුණා. පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරමින් සුරක්ෂිත වැඩපිළිවෙළක් යොදා තිබුණා.

නමුත් අවාසනාවකට වසර දහයක් යන්නටත් පෙර මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. රණවිරුවන්ගේ අභිමානය නැති කළා. බුද්ධි අංශය නිශ්ක්‍රීය කළා. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ.

මේ හේතූන් නිසා රටේ ආරක්ෂාව අහිමි වුණා.

රටේ ආරක්ෂාව ගැන දැනුමක් නැති කිසිම තැකීමක් නොකරන ප්‍රමුඛත්වයක් නොදෙන ඇමැති මණ්ඩලයක් තුළින් රටක සුරක්ෂිතභාවයක් ලැබෙයි කියා විශ්වාස කරන්න බැහැ.

ඉදිරියේදී තවදුරටත් සාමයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ලබාදෙන බවට පැහැදිලිවම ප්‍රකාශ කර සිටිනවා.

අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්.

සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක්‍රියාත්මක කරනවා. එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමඟ සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා.”

ගෝඨාභයගෙන් රතු එළියක් – Hiru News

ගෝඨාභයගෙන් රතු එළියක් – Hiru News

Gepostet von Hiru News am Sonntag, 20. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More