දේශීය පුවත්

ඉදිරියේදී බිහිකරන නව ආණ්ඩුවක් තුළින් මෙරට පවතින යාචක ආර්ථීකය පිටුදකින බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාලඹේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තම සැළැස්ම වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නව පැලැන්තියක් රටේ නිර්මාණය කිරීම බවත් ඒ මහතා පැවසීය.

එසේම ධීවර ප්‍රජාව ගත් කළ ඔවුන් වැඩි කාලයක් එනම් වසරකට මාස 10ක් පමණ සිටින්නේ මහ මුහුදේ බවත් ලොව කිසිදු රටක මෙතරම් රස්තියාදු වෙන ධීවරයින් නැති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මාළු ගැවසෙන තැන් ටික හෝ ධීවරයින්ට පෙන්වා දීමට හැකිනම් එය වඩා කාර්යක්ෂම වනු ඇති බවත් රටට අවශ්‍ය යාචක ආර්ථික ක්‍රමයක් ද සංවර්ධන ආර්ථික ක්‍රමයක් ද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රට ගොඩ නැගීමේ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන ලෙසත් සහතික වශයෙන් රට ගොඩනඟන්න තමන් සූදානම් බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රට ගොඩනැගීමේ අවස්ථාව අපට භාරදෙන්න… අනුර

රට ගොඩනැගීමේ අවස්ථාව අපට භාරදෙන්න… අනුර

Gepostet von Ada Derana Sinhala am Sonntag, 20. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More