දේශීය පුවත්

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳ කාමරයට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවද, එම ජනේලය බිඳීමට රැගෙන විත් තිබූ උල් යකඩ ආයුධයක් තම බාරයට ගත් බවද පොලිසිය කියයි.

මෙම සිදුවීම වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, මේ පිළිබඳව මන්ත්‍රීවරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.

වෙල්ගම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ කළුවාමෝදර ගංගාව සමීපයේ බවත්, ගංගාව සමීපයේ ආරක්ෂක වැටක් හෝ නොමැති බවත්, නිවසට ඇතුළු වූ පුද්ගලයා ගං ඉවුර හරහා පැමිණියේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරන බවත් පර්යේෂණ පවත්වන නිලධාරීහු කියති.

සොරකම් කළ පිරිස නිවසට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ජීවිතයට හානියක් කිරීමටද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

සොරකම සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු, අලුත්ගම පොලිසියේ අපරාධ ස්ථාන, ඇඟිලි සලකුණු සහ පොලිස් සුනඛ ඒකකවල නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More