ව්‍යාපාරික පුවත්

ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.

භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More