දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.

සජිත් පිලේ කැපී පෙනෙන කථිකයෙකු මෙන්ම අවස්ථා ගණනාවකදී පක්ෂ නායකත්වය අපහාසයට උපහාසයට ලක් කළ පුද්ගලයකු වන අජිත් පී. පෙරේරා මහතා රනිල් ඉවත් කරන කතාව මුලින් මුලින් තම සමීප හිතවතුන් අතරේ ප්‍රචාරය කර ඇති අතර පසුව ඔහු එය ප්‍රසිද්ධියේම පවසන්නට ද පටන් ගෙන තිබේ.

මෙම කතාව ආරංචි වීමෙන් අනතුරුව තමන්ගේ ඔත්තු සේවා ඔස්සේ එය තහවුරු කරගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර සොයාබැලීමේදී සජිත් පාර්ශ්වය විසින් සංවිධානාත්මකවම මෙම ප්‍රචාරණය මෙන්ම ඊට අදාළ වෙනත් කටයුතු ද කරගෙන යන බවත් අජිත් පී. පෙරේරා පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් මීට සම්බන්ධ බවත් අනාවරණය වී ඇත.

ඉන් කලකිරීමට පත් අග්‍රාමාත්‍යවරයා සජිත් පිලටම අවශ්‍ය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයත් කරගැනීමට ඉඩ දෙමින් එහි සැලසුම් කටයුතු වලින් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තීරණාත්මක ජනාධිපතිවරණයක් මුවවිටේ තිබියදී, පක්ෂය තුළ ජ්‍යේෂ්ඨයින් ද නොවන තෙවනි පෙළේ අජිත් පී. වැන්නන් යොදවා ගනිමින් තමන්ට එරෙහිව පක්ෂය තුළම ප්‍රචාරණයන් ගෙන යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කෝපයට සහ පිළිකුලට හේතුවී ඇති බව සඳහන්.

-lankanewsweb



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More