දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පුරෝකථනයන්ට සාපේක්ෂව ඔක්තෝබර් මස යාවත්කාලීන කිරීමේදී 0.8%කින් කප්පාදු කර, 2.7% දක්වා පහත හෙළා තිබේ.

මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.

මේ අතර, ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා පුරෝකථනය 5% ක් වූ අතර එය 0.4%කින් පහත වැටුණත්, බංග්ලාදේශයේ වර්ධන පුරෝකථනය 0.5%කින් 7.8% දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වූ ජා.මූ. අරමුදල විසින් ප්‍රකාශය පත් කළ ආර්ථික වර්ධනයේ පහත වැටීමේ සංශෝධනයද මේ සතිය මුලදී ලෝක බැංකුව විසින් සිදුකළ සංශෝධනයට සමාන බවක් පිළිබිඹු කරයි.

ලෝක බැංකුව සිය නවතම දකුණු ආසියානු ආර්ථික කේන්ද්‍රය තුළ 2019 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7%ක් දක්වා පහළ යන බව සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත්, කලාපයේ ශ්‍රී ලංකාවට වඩා මන්දගාමීව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන්නේ ඇෆ්ගනිස්ථානය පමණි. ලෝක බැංකු වාර්තාවන්ට අනුව, බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය 8.1% කි. ඉන්දියාව මේ වසරේ 6%කින් සහ පාකිස්තානය 3.3%කින් වර්ධනය වනු ඇත. මාලදිවයින, නේපාලය සහ භූතානය වැනි අනෙකුත් කුඩා රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට වඩා හොඳ වර්ධනයක් මෙම වසරේදී අපේක්ෂා කර තිබේ.

ගෝලීය පහත වැටීමේ ප්‍රවණතාවකට අනුකූලව, කලාපයේ වර්ධනය 2019 දී 5.9% දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ලෝක බැංකුව පවසයි. එය අපේ‍්‍රල් ඇස්තමේන්තු වලට වඩා 1.1% කින් අඩුවී කෙටිකාලීනව ප‍්‍රතිවර්තනයක් පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More