දේශීය පුවත්

” 2020 ගෝඨාභය සමග ශ්‍රී ලංකාවේ අනාගත” දැක්ම මැයෙන් විද්වත් කතිකාවක් මෙම මස 20 වන දා (ඔක් 20) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ.

මෙල්බර්න් නුවර ඩීකින් විශ්ව විද්‍යාලයේ බර්වුඩ් සරසවියේ රස්ඩන් රංග ශාලාවේ දී එරට වේලාවෙන් පස්වරු 2.30 ට මෙම වැඩසටහන ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, නීති, සමාජ සහ ආර්ථික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දෙසුම් පැවැත් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් දෙසුම් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන මෙල්බර්න් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇත.

ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහාය පුළුල්ව දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ වැඩිම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන මෙල්බර්න් නගරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සුවිශේෂී වේ.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More