දේශීය පුවත්

ජනපොරොන්දු ඉදිරිපත් කරමින් ජනතාවගේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයෝ නොවැම්බර් 16න් පසු තමන්ගේ මන්දිර තුළට රිංගාගන්න නමුත් ජනතාවට ඉතිරිවන්නේ සුපුරුදු පීඩාකාරී ජීවිතයම පමණක් බව සමාජවාදී අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි.

‘යුක්තිගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක්’ තේමාවෙන් ඊයේ(18) කඩවත නගරරයේ පොළ භූමියේ පැවැති ජනතා රැුලියේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ‘සමාජවාදී අපේක්ෂක’

දුමින්ද නාගමුව පැවසූ අදහස් සංක්ෂිප්තව මෙසේය.

”ජනාධිපතිවරණයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘යුක්තිගරුක සමාජයක් – සමාජවාදී අපේක්ෂකයෙක්’ යන තේමාවෙන් ජනාධිපතිවරණ සටන් බිමට අවතීර්ණ වෙලා තියෙනවා. බලන්න මැතිවරණ ආවට පස්සේ මැතිවරණයකට කලින් සමාජ පෙළගැස්මට වඩා ක‍්‍රමානුකූලව මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික වෙනස් වෙනවා. ඒක තමා අප දන්න තිත්ත ඇත්ත අවුරුදු හැත්තෑවක් තිස්සේ වෙච්ච දේ. හැබැයි අප හිතනවා ඒ සියල්ල සිද්ධ වෙද්දී මේ සමාජයට වඩා නිවැරදියි දේශපාලන වැඩපිළිවෙළක් ජයග‍්‍රහණය කරන්නට නම් ඒකට මඟ පෙන්වීමේ වගකීමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියෙනවා කියලා. මේ රටේ සුවහසක් වැඩකරන ගොවි, කම්කරු, ශිෂ්‍යයො, ධීවරයෝ, තරුණයන්ගේ දේශපාලන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම සඳහා අප මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

අස්සක් මුල්ලක් නෑර අප අහගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාට, නිදහස් පක්ෂ සාමාජිකයා, පොහොට්ටුවේ සාමාජිකයා, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයා, ටිකක් කල්පනා කරලා බලන්න. අද අප ඉන්නේ ඉතාමත් බරපතළ සමාජ ඛේදවාචකයක, මැතිවරණ වේදිකාවල එක එක නාටක ඉදිරිපත් කරනවා. එක්කෙනෙක් කියාගෙන යනවා මුළු මුලින්ම පොහොර සහනාධාරය ලබා දෙනවා කියලා. අනිත් එක්කෙනා කියනවා පොහොර නොමිලේ දෙනවා කියලා. තව එක්කෙනෙක් කියනවා මඩ ගොවියට විතරක් නෙමෙයි ගොඩ ගොවියාටත් දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි කිරි වීදුරුවක්. මහන මැෂිමක්, ගෙවල් හදලා දෙන්නම්, හරියට ගස් කපලා දෙන්නම්, තැඹිලි බාලා දෙන්නම් වැනි එක එක කතා කියාගෙන මේ උන්නැහැලා ඔබ ළඟට එනවා. ඔබ දන්නවා කොරාගේ අන්ධයාගේ කතාව පොදුජන පෙරමුණේ තත්ත්වය ඒවගේ. මහින්ද කොරා, ගෝඨාභය අන්ධයා. මහින්දට ගමනක් නෑ. ගෝඨාට දැක්මක් නෑ. මහින්ද කරේ තියාගෙන ගෝඨා යන්න හදනවා.

මේ හැමෝගෙම කටින් පිටවෙන්නේ සංවර්ධනය. අප අහනව අවුරුදු හැත්තෑවක් උඹල කරපු නැති ‘සංවර්ධනය’ අපට කියනවද ඊළඟ අවුරුදු 5 කරනවා කියලා ඒ කියන්නේ ඊළඟ අවුරුදු පහේ රටහදන මන්තරය ඒගොල්ලො ගාව තියෙනවා. මේ රටේ ජනතාවට අවුරුදු 70 ගහපු පචේ මේ අවුරුදු පහටත් අඳිනවාද? මේ පොරොන්දු රටේ දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත්කම කොල්ල කන්න හදන්නේ. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 43% දවසකට රුපියල් 300ටත් වඩා අඩුවෙන් ආදායම ලැබෙන්නේ. උඹලගෙ ආර්ථික කෙරුවා මේක දැන් ජනතාව ගැන තියෙන කැක්කුම ජනතාව ගැන තියෙන ආදරය, කරුණාව, මේ ඔක්කොම ඒගොල්ලොන්ගෙ දැන් වැඩිවෙලා තියෙනවා. හැබැයි 16 වනදායින් පස්සේ බලය හදා ගත්තට පස්සේ ඔය එක්කෙනෙක්වත් හොයාගන්නවත් නෑ. ඒගොල්ලො මාලිගය ඇතුලට රිංගනවා. මේ රටේ ජනතාවට සිදුවෙනවා සුපුරුදු පරිදි ජීවත් වෙන්න.

16 වනදායින් පස්සේ මේ රටේ ජනතාව තමයි පරදින්නේ. අන්න ඒ පරාජය පරිවර්තනය කරන්න වෙනස් කරන්න. දිගුකාලීන ජයග‍්‍රහණයකට පියවර තබන්න, අන්න ඒකට පියවර තියන්න තමයි ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම මැතිවරණයට ඇවිත් ඉන්නේ’ මේ රටේ වැඩ කරන ජනතාවට නානාප‍්‍රකාර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. පාර්ලිමේන්තුවේ හිටපු නාම්බෝ ටික ලෑස්තිවෙලා හිටියා පනතක් සම්මත කරන්න. ‘නව කම්කරු ධවල පත‍්‍රිකාව’ මොනවද ඒ පනත තියෙන්නේ වැඩකරන ජනතාවට මේ රටේ වෘත්තීය සමිති තිබුණු පැය අටේ වැඩ කිරීමේ අයිතිය මුළු මුලින්ම අහෝසි කරන්න. ඒ පනත ගේන්නේ දැනට නිවාඩු විසි අටක් තියෙනවා අවුරුද්දකට ඒක නිවාඩු නමයට අඩු කරනවා දැනට හාම්පුතාට ඕන ඕන විදිහට මට දාන්න බෑ. මේ පනත සම්මත උනාම ඕන වෙලාවක කණින් ඇදල එළියට දාන්න පුළුවන්. පුද්ගලික සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප කොල්ල කන්න හදනවා. පුද්ගලික සේවයන් පණ යනකන් වැඩ කරලා නැහි නැහි ඒ මුදල ඉතිරි කරනවා.වික‍්‍රමසිංහ උන්නැහේ කිව්වා ඒ මුදල තමයි ලංකාවේ තියෙන ලොකුම මුදල. ලංකාවේ කිසිම ධනපතියකුට එච්චර ලොකු මුදලක් නෑ. ඒකත් මේ අය කොල්ලකන්න සැලසුම් කර තිබෙනවා.

අද දරුවන්ට අධ්‍යාපනය මව්පියන් දහදුක් විඳිවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ. අධ්‍යාපයේ ප‍්‍රතිපාදන හැම අවුරුද්දක් ගාණේම කැපුවා. පෞද්ගලික අංශයට දොර කවුළු විවෘත කළා. දැන් පම්පෝරි ගහනවා. එස්.බී. දිසානායක කියනවා අපි සයිටම් 10ක් අරිනවා කියලා. උඔට එකක්වත් දාගන්න බැරිවුණා. දාගත්තේ එකක් වැහුවා. මේ පම්පෝරි ගහන්නේ කාත් එක්කද? මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවත් සමඟද? ඔබ දැන් ඡන්දය දෙන්නේ ඒව කරපු අයටද? නැවතත් කරන්න ඉන්න අයටද?
අනෙක් පැත්තෙන් බලන්න මිනිස්සුන්ගේ සමාජ ජීවිතයට මොනවාද වෙලා තියෙන්නේ බඩු මුට්ටු ටිකක් ලංකරවාලා ඒවා පසු පස්සේ දුවන්න වෙලා තියෙනවා. ක්ෂුද්‍රමුල්‍ය ණය ගොඩක මිනිසු හිරවෙලා ඉන්නවා. දැන් ගොවියා හම්බ කරපු දේවල් තියෙනවාද? වකුගඩු රෝගය විතරයි හම්බකරලා තියෙන්නේ.”

පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු තවත් කතිකයන් කිහිප දෙනක් මෙම රැස්වීම අමතන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More