දේශීය පුවත්

අප්‍රේල් 21 පාස්කු ඉරිදාඅන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළකරු සහරාන් සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධකම් පැවැත්වූ බවත් ඊට අදාළ වීඩියෝ දර්ශන ඡායාරූප ලබා දී පැමිණිලි සිදුකළත් ඔහු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු නොකරන්නේ මන්දැයි කියා මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස ප්‍රශ්න කරයි.

මේ අතර ඇමති රවුෆ් හකීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමග සාකච්චා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මම මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහරාන් හශීම් යනු උපතින් මුස්ලිම් ජාතිකයෙකි. ඉස්ලාම් භක්තිකයෙකි. අන්තවාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

සහරාන් හශීම්ද මුස්ලිම්, ඉස්ලාම් අන්තවාදියෙකු බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.

තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

බුදුරජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

රවුෆ් හකීම්,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More