දේශීය පුවත්

රටේ මහජනතාවගේ ඉඩම් හා දේපල දේශපාලන හිතවතුන්ට අත්තනෝමතිකව පැවරීමට හෝ ඒවා බහුජාතික සමාගම් වලට සින්නක්කරව ලබාදීම සම්පූර්ණයෙන් නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර මහතා ජාතික සමගිය ප්‍රතිපත්තිය එළි දක්වමින් සහතික කර සිටියේය.
එමෙන්ම රටේ ජාතික සමගියට බාධාවක් වූ භාෂාව සම්බන්ධයෙන් සලකා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීම අනිවාර්ය කිරීමත් ඊට ප්‍රතිපාදන සැලසීමත් එම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් බවද ඔහු කියා සිටියේය.

මීගමුව කඩොල් උයන කියුපීඩ් උද්‍යානයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ(18) එළිදැක්විණි. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ බෙදී වෙන්වීමේ මනෝ භාවයෙන් තොර ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැඟීමත් සියලු ජාතිකත්වයන් ගේ සමාජ, සංස්කෘතික, ආගමික, ආර්ථික, භාෂාමය හා දේශපාලන විවිධත්වයන් ටත් ඔවුන්ගේ අයිතිවාසිකම් ගෙනළිගෙන ඒවාට ගරු කරන සමාජයක් ඇති කිරීම තම ජාතික බලවේගයේ අරමුණ‍ වන බවය.

ඒ අනුව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යුද්ධයෙන් පීඩා විඳි ජනයාට සාධාරණය, ඉඩම් හා වාසස්ථාන, ජනපදකරණය, භාෂාව, වතුකර ජනතාව ජාතික, සමගිය හා සංහිදියාව, කර්මාන්ත හා කෘෂි කර්මාන්ත යන කරුණුවලට අදාළ යෝජනා 70ක් එම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More