දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අද (19) අත්සන් තැබුණි. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීය. එම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහ ලේකම් දයාසිරි ජයසේකර අත්සන් තැබුවේය.

එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා සභාව අමතනු ලැබීය.

” මම මුලින්ම මේ අවස්ථාව ලබා දුන්නාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාගේ ස්තුතිය පුද කරනවා. ඔබලා මා ගැන තැබූ විශ්වාසය ගැන නිදහස් පක්ෂයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එය ආරක්ෂා කිරීමට මම පොරොන්දු වෙනවා.

රටේ සංවර්ධනය, ජනතාවගේ ආරක්ෂාව වැනි ප්‍රතිපත්ති මාලාවක් සඳහායි අප එකඟවී තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිට පෙර ද මෙවැනි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබුණා. මම කියන්න කැමති නිදහස් පක්ෂය සහ මා සමග ඇති කර ගත් ගිවිසුමෙන් එම පක්ෂයේ අනන්‍යතාවයට සහ ප්‍රතිපත්ති වලට හානියක් සිදුවෙනවා කියා එය සම්පුර්ණයෙන්ම වැරදි. මම සියලුම නිදහස් පක්ෂ සාමාජිකයින් ගෙන් ඉල්ලා සිටිනවා ඔබලා වෙනත් තීන්දුවක් ගන්න හිතුවානම් එය වෙනස් කර අපිත් සමග එක්වෙන්න කියලා.

මට නිදහස් පක්ෂය අලුත් තැනක් නෙමෙයි. අපේ ප්‍රතිපත්ති මතයි මේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබුනේ. රටේ සංවර්ධන, ආරක්ෂාව, ජනතාවගේ දියුණුව සහ රටේ තරුණ තරුණියන් ගේ අධ්‍යාපනය, දියුණුව කරා ඔවුන් ඉදිරියට රැගෙන යාම යන කරුණු ඔස්සේ මේ ප්‍රතිපත්ති ඇතිව තිබෙන්නේ.

රටට අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න ඕන. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා ඉන් එහාට යන්න ඉඩ නොලැබෙන දරුවන් වෙනුවෙන් නිසි ක්‍රමානුකුල වැඩපිළිවලක් ක්‍රියාත්මක කරනන් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම රටේ දේශීය ව්‍යාපාරිකයින් නගා සිටුවිමට අවශ්‍ය පියවර ගන්න අපි සුදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සෑම විටම විශ්වාස කරපු දේ තමයි මිනිස් ශ්‍රමය තුලින් රටේ ආර්ථිකය වර්ධනය කර ගන්න.

දැනුම මුල්වූ ආර්ථිකයක් හදන්නයි අපේ බලාපොරොත්තුව. අපිට දේශීය හෝ විදේශීය ආයෝජකයින් අවශ්‍යයි. මේ ආයෝජකයින් රටට ගෙන්වා ගන්න සුරක්ෂිත රටක් අවශ්‍යයි. ඒ ආරක්‍ෂිත රට ලබා දෙන්න අපි සුදානම්.

පවතින් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. පෞද්ගලිකත්වය මත නොවෙයි රට වෙනුවෙන් දේශපාලනය කරන සංස්කෘතියක් සකස් කරන්න ඕන. ඒ සඳහා මම කැපවෙනවා” ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More