දේශීය පුවත්

ජනාධිපතිවරණයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තමා මාධ්‍යයෙන් දුටු බවත් ඒවායේ තිබෙන බරපතළකම අනුව එම කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා ඒ ගැන සිතීමටවත් නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒකීයභාවය නොපිළිගැනීම, ස්වයංතීරණ අයිතිය ලබාදීම, ෆෙඩරල් විසදඳුමක් ලබාදීම යන කාරණාව වලට කිසිිසේත්ම එකඟ විය නොහැකි බවත්, උතුරේ පුරාවිද්‍යා ස්ථානවල, මහවැලි ගම්මාන වල ට සිදු කිරීමට යෝජනා කරන බලපෑම්වලට ද කිසිදු ආකාරයකින් එකඟ විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිවාදී කොන්දේසි උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනතාවද ප්‍රතික්ෂේප කරන බවත් මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කරන රටේ ඒකීයභාවය පිළිගන්නා උතුරේ දේශපාලන පක්ෂ රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මෙම යෝජනා තමන්ට මේ දක්වා නොලැබුන බවත් තමන් දන්නේ මාධ්‍යවල පළ වූ කරුණු 13 ගැන පමණක්ම බවත් මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More