දේශීය පුවත්

දෙමළ   ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි 13 කින් යුත් යෝජනාවලියට පක්ෂපාත වන කිසිදු අපේක්ෂකයෙකුට ජනවරමක් ලබා නොදෙන්නැයි අතිපූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයෝ ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරති.

ඊයේ (18) ත්‍රිකුණාමලය වෙල්කම් බේ හෝටලයේ පැවැති උතුරු නැගෙනහිර සර්වාගමික කමිටුවේ මාධ්‍ය හමුවේ දී මේ ඉල්ලීම් කළේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියෝය.
ඩොලර්වලින් විදේශ බලපෑම් වලට ලක් වී රට විනාශ කරන නායකත්වයත් වෙනුවට ලාංකීය නායකත්වයක් නිර්මාණය කර ගන්නැයි නාහිමියෝ දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.

මෙවැනි  යෝජනා  ඉදිරිපත් කිරීමෙන් කරන්නේ සංහිදියාව කඩා බිඳ දැමීම් බැවින් මෙම යෝජනා පිළිනොගන්නැයි නා හිමියෝ ඉල්ලා සිටිති.
‘‘මේ යෝජනාවලියෙන් ඔවුන් බලා බලාපොරොත්තු වන්නේ මේ රට විනාශ කර කරන්නයි උතුරු නෑ නැ-නැගෙනහිර ජීවත්වන ස්වාමීන් වහන්සේලා හා ආගමික නායකයන් විදියිදියට අපි ඊට ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා පොදු පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වගේම එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාටත් අපි කියන්නේ මේ යෝජනා පිළිගන්න එපා කියලා‘‘  යැයි මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ පැවසූහ.

වෙරුගල් මෙතෝදිස්ත දේවස්ථානයේ පාලක අයිසායා ජෝෂප්,  මුතූර් තංග නගර් ක්‍රිස්තියානි දේවස්ථානයේ පාලක ශ්‍රී කාන්තා ඇතුළු ආගමික නායකයින් පිරිසක් ද මේ හමුවට සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More