දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සිය පටු අරමුණු ඉටු කරගැනීම සඳහා ඉදිරිපත් කළ එකක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, මෙම යෝජනාව කොතෙක් දුරට අනුමත කරනවාද නැද්ද යන්න දකුණේ මෙන්ම උතුරේ ජනතාව ද සිතා බැලිය යුතු බවය.

මෙම යෝජනාවලිය තිස් අවුරුදු යුද්ධයෙන් අපේක්ෂා කළ පටු පරමාර්ථවලට එහා ගිය යෝජනාවලියක් බව අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් මෙහිදී සඳහන් කර ඇත් අතර එහි ඇතුළත් ඒකීය රාජ්‍ය සංකල්පය, ෆෙඩරල් විසඳුම් යෝජනාවලිය සහ සිංහල ගම්මාන උතුරෙන් ඉවත් කිරීම යන කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ කාගේ අවශ්‍යතාවක් මත ද යන්න ගැටලු සහගත බව අස්ගිරි අනුනායක හිමියන් පෙන්වා දී ඇත.

මෙම යෝජනාවලිය සකස් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල ද අනුදැනුම මත බවත් මෙම යෝජනාවලිය, ඉකුත්දා මුස්ලිම් අන්තවාදී පිරිසක් සිදු කළ අන්තවාදී ක්‍රියාවන්වලට සමාන දෙමළ අන්තවාදයක ආරම්භයක්දැයි සැක පවතින බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More