අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ යළි රැස්වීමට නියමිතව තිබේ.
අද දිනයේ අවසන් වාර්තාව සකස් කිරීමට නියමිත බව එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රටේ ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය අංශයේ දුර්වලතා සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ඊට ඇතුළත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, අදාළ වාර්තාව අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සෘජුවම නම් කිරීමට කාරක සභාව බලාපොරොත්තු වන බවත් එළඹෙන 23 වැනිදා පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව සභාගත කිරීමට නියමිත බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...