පුරවැසි කොලම

ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වෙන්න පුළුවන් සිංහල, බෞද්ධ අයට විතරයි කියලා මේ බුකියේ තැන් තැන්වල ලියවෙනවා දැක්කා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම සඳහන් වෙලා තියෙනවා කියලත් සමහර ඒවගෙ ලියලා තියෙනවා. මේ පෝස්ටුවලට බැඳගෙන කොමෙන්ටු දාන හාදයොත් ඉන්නවා. ටිකක් කියවලා බැලුවා මොනව ද කොමෙන්ටුවල තියෙන්නෙ කියලා.

සමහරු කියනවා, ඒක ඇත්ත ලු. ඒත් සමහරු ඒ කතාව බොරුවක් කියලා කොමෙන්ටු දාලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හෙම සඳහන් වෙලා නැහැ කියලා සමහරු පැහැදිලි කරලා කොමෙන්ටු දාලා තියෙනවා. ඒවට සමහරු දීලා තියෙනවා මරු උත්තරයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම තිබුණ ලු. ඒත් මහින්ද රාජපක්ෂ 18 වැනි සංශෝධනෙන් ඒක අයින් කළා ලු. ඒවට මහින්ද රාජපක්ෂට අම්මා මෝ නැති ව බණින කොමෙන්ටු ඊළඟට තියෙනවා. මහින්ද ජාතිය පාවලා දීලා කියලා තමයි එහෙම බැණලා තියෙන්නේ.

සමහරු ඕවට උත්තර දෙමින් ලියලා තිබුණා, එහෙම නීතියක් තියෙනවා නම් 1982 ජනාධිපතිවරණෙ පොන්නම්බලම් ඡන්දෙ ඉල්ලුවෙ ඊට පස්සෙ අබ්දුල් රසූල් ඉල්ලුවෙ කොහොම ද මේ සැරේ සිවාජිලිංගම්, හිස්බුල්ලා ඉල්ලන්නෙ කොහොම ද කියලා අහලා. ඒ කොමෙන්ටුවලට උත්තර නොදී ඒවා නොදැක්කා වගේ ඊට පස්සෙත් කොමෙන්ටු තියෙනවා සිංහල බෞද්ධ කතාව ඇත්ත කියලා දාපු.

බැලූ බැල්මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක් වත් නොදන්න ගොං හාල්පාරුවො තමයි මේ වගේ පෝස්ටු දාන්නෙ කියලා. ඒත් මේවා නොදන්නාකමට දාන පෝස්ටු නෙවෙයි කියලා හිතන්න පුළුවන්. මේවා ඡන්දදායකයන් අවුල් කරන්න දාන පෝස්ටු වෙන්නත් බැරි නැහැ. ජාතිවාදය අවුස්සන්න උත්සාහයක් මේ පෝස්ටුවල සහ ඒවට කොමෙන්ටුවල තියෙන බව විමසිල්ලෙන් බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ ඒවා කිහිපයක් දැක්ක නිසා මේක යටි අරමුණක් ඇති ව සංවිධානාත්මක ව කරන ව්‍යාපාරයක් වෙන්නත් පූළුවන් කියලා හිතෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි දාක නොතිබුණු, දැනටත් නැති මේ වගේ පට්ටපල් බොරු බුකිය පුරා පතුරන්නේ ගොංකමට නෙවෙයි.

Dharma Sri Kariyawasam



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More