දේශීය පුවත්

ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා නායකත්වය දරන ජාතික ජනතා පක්ෂය මඟින් හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව බවට එහි සාමාජිකයින් චෝදනා කරයි.

එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

ජාතික ජනතා පක්ෂයේ විධායක සභික ප්‍රදීප් පනාගොඩ මහතා මේ පිළිබඳ මෙසේ අදහස් පල කළේය.

“සිවිල් සංවිධානයැයි කියාගන්නා පිරිසක් එකතු වෙලා තානාපති කාර්යාල, විදේශ ආයතන හරහා ලැබුණු මුදල් නිසා ගත්ත තීන්දුවක් මේක.

මේක ජනතා ව්‍යාපාරය නෙවේ ජාතිය පාවාදීමේ ව්‍යාපාරය.

කාටවත් නිකන් ඉන්න බැරුව කරන වැඩවලට සහායක් නැහැ.

ගම්පහ රැස්වීමට 110යි හිටියෙ ලක්ෂ 10කට වඩා වියදම් කරලා.

පැහැදිලිව මේකට විදේශ අතපෙවීම් තිබිය යුතුමයි.

මොහු ප්‍රධාන ධාරාවෙන් ඔබ්බට සමාජ ප්‍රශ්නයක්වත් කතා කළේ නැහැ.

රටට හානියක් වුණොත් පක්ෂයේ මහලේකම් ශ්‍රීනාත් පෙරේරා වගකිව යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More